À¶±À·ƑරÀ·À¶«À·’À¶ºà·|Nasaraniya 51

A+ A-

“උබ කියන්නේ කියන්න කියලද?”

“උබ කවදා වෙනකන් ඕක හංගන් ඉන්නද?අනික මම උබ කිව්වා වගේම උබට උගේ විස්තර එව්වා.ඒ එක මගුලකින්වත් අපිට ඌ අල්ලගන්න පොටක් නැ බන්.ඌ තනියම ඉන්න වෙලාවකට තියෙන්නේ ඉස්කෝලේ ඉන්න වෙලාවයි ටියුශන් ඉන්න වෙලාවයි.උගේ තාත්තගේ බොඩිගාර්ඩයෙක් හරි ක්ලාස් එකේ එලියේ ඉන්නවා.හැබැයි තව එක තැනක් තියෙනවා ඌ ටිකක් හරි තනි වෙන.ඒක තමා ක්ලබ් එක.”

“ක්ලබ්?”

“හ්ම්ම්.ඒත් ඌ මාස දෙකකින් විතර ක්ලබ් එකට ගිහින් නැ.මොකක් හරි කොස්සක් වෙලා තියෙනවා එතනත්.”

“වෙන විදිහක් නැද්ද බන් ඌව අල්ලගන්න?හරියට නිකන් මම ඌට කැමතියි කියලා pretend කරලා ඌව කොටුකරගන්න වගේ.”

“ඒක නම් හොදයි.ඌට උබත් ඉන්ටෙරේස්ට් වගේ පෙන්නුවොත් ඌත් ලයින් වෙලා ඒයි.එවෙලෙට උබට ඌව ඩ්‍රන්ක් කරලා හරි උගේ අටමගලේ තියෙන එව්වා ඩිලීට් කරන්න පුලුවන්.ඒකත් බන් ක්ලබ් එකේ තමා කරගන්න වෙන්නේ.නැත්තන් ලොකේශන් එකක් කියලා ඌව ගෙන්නගන්න ඕන.ඒක ටිකක් රිස්කි වගේ.ඒත් උබ හිතනවද ඌ ඕවා ෆොන් එකේ විතරක් තියාගෙන ඉදී කියලා.අනිවා ඌ බැකැප් තියන් ඇත්තේ බන්.අනික බන් අනිත් එවුන් වගේ ඌව උස්සන්නත් ලේසි නැ බන්.උගේ ගාර්ඩ් එකේ හැටියට.ඇමැතියට මරනැ තර්ජන කියලා උගේ තාත්තගේ වගේම උගෙත් ගාර්ඩ් එක මේ දවස්වල වැඩියි බන්.”

“ම්ම්.මට තේරෙන්නේ නැ බන් ඌට කොහෙන්ද බන් අයියගෙයි මගෙයි හොටෙල්ස් ෆොටෝස් අහුවුනේ කියලා.අනික එතන ෆොටෝ දෙකක්ම තියෙනවා බන් අයියයි මායි කිස් කරන.ඒකත් බන් මේ කවුරුත් නැති වෙලේ අපි කිස් කරපුව.මූ අතට ගියේ කොහොමද කියලා මට තාම හිතාගන්න බැ.”

“ඔතන මොකෙක් හරි හොටෙල් එකේ ඌට උදව් කරනවා.උබට සැක මොකෙක් හරි ඉන්නවද?”

“මේ මගුලේ මම දන්න එකෙක්වත් නැ ඕයි.ඉතින් කාව කියලා සැක කරන්නද?”

“මට තියෙන ලොකුම අවුල ඌ කොහොමද උබලා දෙන්න නතර වෙලා ඉන්න හොටෙල් එක හොයාගත්තේ කියලා.ශුවර් බන් ඌ උබව ෆලෝ කරනව.උගේ පවර් එකත් එක්ක අපිට ලේසි වෙන්නේ නැ මේ වැඩේ.ගැස්සුනොත් ඉවරයි.ලොකු රිස්ක් එකක් තියෙනවා.එහෙම වුනොත් ඌ අතින් ෆොටෝ ලීක් වෙන්න ඉඩ තියෙනවා.මම නම් කියන්නේ අයියට කියපන්.අයියා ගානට වැඩේ බැලන්ස් කරයි.”

“උබ කොහොමද එහෙම කියන්නේ?”

“අපිට හිතගන්න බැරි පවර් එකක් තියෙන්නේ එයාට.ඔය මයෝන් දුවිල්ලක් ඌ ගාව බන්.උබට තියෙන්නේ විස්තරේ කියන්න.මට ශුවර් උබව අල්ලපු අතක්වත් ඌට මාස ගානකට උස්සගන්න බැරිවෙයි.”

“උබට එච්චරම ශුවර් එකක්ද තියෙන්නේ?මම නොදන්න දෙයක් උබ දන්නවානේ?”

“එහෙම නැ බන්.උබත් වැඩි දවසක් යන්න කලින් දැන ගනින්.උබ මොනවා උනත් අයියව අත අරින්න එපා.අපි හිතන් ඉන්නවා වුනාට සමහරුන්ට හැමදේම තියෙනව කියල එහෙම නැ බන්.සමහර වෙලාවට සතුට හරිම පොඩි දෙයක් එහෙම නැත්තන් කෙනෙක් ලග නැවතිලා තියෙන්න පුලුවන්. අයියා උබ වෙනුවෙන් හැමදේම කරන්නේ උබට ආදරේ නිසා.මම වුනා නම් මමත් සුදූ වෙනුවෙන් ඒ හැමදේම කරනවා.”

“මට උබ කියන එක තේරෙන්නෙ නැ”

“වෙලාව ආපුවහම උබට මම කියපු වචනයක් නැරම මතක තියෙයි.විශ්වාස කරපන්.මොලෙන් ගන්න තීරන වලට ස්තීරත්වයක් තියෙනවා කියලා කියන්න පුලුවන්.ඒත් හදවතින් ගන්න තීරන එක්ක විශ්වාස‍ය විතරයි ඕන ලොකේම අපිට ඕනේ විදිහට දිනාගන්න.”

“අනික තව දෙයක්.උබ මම කියන දේ වරදවා වටහගන්න එපා.මේ සිද්දියේදි වගේම ඉස්සරහටත් මං උබ එක්ක ඉන්නවා.ඒත් උබ මේ වගේ දේවල් අයියා එක්ක කතාකරපන්.පාර්ට්නර් කෙනෙක් විදිහට උබ අයියව වගේම අයියා උබව තෝරගත්තේ සතුටේ වගේම ප්‍රශ්නවලිදිත් එකට ඉන්නනේ.සතුටේ විතරක් ඉන්නම නෙමෙයිනේ.මම ඒක හොදටම දැකලා තියෙනවා.උබට රිදෙන කොට වැඩියෙන්ම විදවන්නේ.ඒ හින්දා මේ දේවල් හංගලා තියා ගන්න එපා.පිටින් දැනගත්තොත් අයිය අවුල් ගනීවී.උබලා අතර කලින නමට සම්බන්දයක් තිබ්බේ නැතත් උබලට දැන් තියෙනවනේ.එතනදි ඒක ශක්තිමත් වෙන්න උබලා එකාට එකා අවංක වෙන්න ඕනා.හැමදේම තනියම විසදගන්න යන එක හපන්කම කියලා හිතුවට අනිත් කෙනාට නොකියා අපි තනියම විදවනවා කියන්නෙම අපි එයගේ හිත රිද්දනවා කියන එක.ඒ හින්දා පුලුවන්නම් මම කියපු දේ ගැන හිතලා බලපන්.මොන දේ වුනත් මම ඉන්නවනේ උබට.”

“ම්ම්හ් තැන්ක්ස් මචන්.ඒක නෙමෙයි චිරායු කෝ?”

‘නිදි බන්.මාත් එක්කම නිදාගන්නව කියලා මම වැඩ කරනකන් මගේ කකුල් දෙකත් මසාජ් කර කර ඉදලා නින්ද ගිහින්නේ.මමත් ෆයිල් ගොඩ අස්සේ හිරවෙලා ඉදලා උබේ පලවෙනි කොල් එක කට් වෙලා යද්දි තමා දැක්කේ.”

“හ්ම්ම් මතක් කලා කියහන්.මම තියන්නම්.උබත් නිදාගන්න එපැයි.හෙට උදේම එවෙන්නෙ නැනේ උබලා.”

“නැ බන්.ආපු එකේ දවසක් විතර ඉදලා එනවා.හෙට රැ වෙයි එද්දි කොහොමත්.”

“හරි බන්.පරිස්සමට ඉදහන්.මම තිබ්බා.බුදු සරණයි.”

“බුදු සරණයි”

එහෙන් කෝල් එක කට් වෙනකොට මම අතේ තිබ්බ ෆෝන් එක දිහාට බැල්මක් දාල එක මගේ එහා පැත්තෙන් තිබ්බ.පට්ට සීතල වුනත් මම දාඩියෙන් පෙගිලා ගිහින් ඉද්දි කොච්චර සීතල වුනත් මම පූල් එකට කකුල් දෙකත් දාගෙන හිටියා.නාගන්න ඕන වුනත් අයියා ඇහැරේවි කියලා මම එලියට වෙලා හිටියේ හුලං ටිකක් වැදගන්න.ඔක්කොටම වඩා මට මේ වෙලාවේ ඕන වෙලා තිබ්බේ කතා කරන්න කවුරුම හරි.

මයෝන්ගේ ප්‍රශ්නේ ලේසියකට ඉවර කරගන්න පුලුවන් වෙයි කියලා හිතුවත් ඌව ගනන් නොගෙන මග ඇරලා ඉන්න එක අවුලක් නැතිවෙයි කියලා හිතුවත් අද හවස ස්විමින්ග් ඉවර කරලා වොශ් දාන් ආපු වෙලේ ඉදලා තිබ්බ මැසේජ් වගය දැකලා මම හිටියේ ඔලුව ගිනි ඇරන් වගේ.ඊයේ අපි දෙන්න නුවර ඇවිද්ද තැන්වල අපේ ෆොටෝස් ගොඩක් එවලා තිබ්බා.ඒ එකක්වත් ලොකු අවුලක් තිබ්බේ නැ.වැව ගාව අයියා මාව සයිඩ් හග් කරන් ඉන්න එක අයි ලොකු අවුලක් වුනොත්.ඒත් ඒක දකින්කොට එහෙම හිතෙන්නෙ නැ.

ඔය ඔක්කොමටත් වඩා ලොකුම අවුල තිබ්බේ අපි දෙන්නා බැඩ්මින්ට් රූම් එකේ ඉද්දි ඇරන් තිබ්බ ෆොටෝ වගයක්.ඒ ෆොටෝ අයියා මට පෙක් එකක් දෙන ෆොටෝ එකක් හොද පැහැදිලිවම තිබ්බා.එකක නම් අපේ මූනූ ලොකු පැහැදිලි ගතියක් නොවුනත් අනිත් එකේ පැහැදිලිවම අපි දෙන්නගේ සයිඩ් ප්‍රොෆයිල් තිබ්බා.මට හොදටම ශුවර් අයියා මාව කිස් කරේ අර වයසක කපල් එක රූම් එකට එන්න කලින්.ඒ දෙන්න එන්න කලින් වගේම ඒ දින්න ගියාට පස්සෙත් එකේ ඉතුරු වුනේ අපි දෙන්නා විතරමයි.කොහොමත් ස්ටාෆ් එකේ කිසිම කෙනෙක් ඇතුලට ආවේ නැ.මට මතක විදිහට.ආහ්හ්…………………….

එයා ඒ ෆොටෝස් ලීක් කරලා අයියගේ reputation එක විනාස කරනවා බලන්න වගේම මගේ අම්මා ඒවා දකිනවා බලන්න අකැමති නම් එයාව ඇවිත් මීට් වෙන්න කියලා මට ලොකේශන් දීල තිබ්බා.

පුදුමෙකට වගේ ඒ ලොකේශන් එකත් මේ කැන්ඩි කිට්ටුවේ තියෙන රෙස්ට් එකක්.මට දවල් වෙලා හරි කොහොම හරි එන්න කියලා රූම් නම්බර් එක පවා එවල තිබ්බා.නෙලීශයා උගේ දෙන්නෙක් මාත් එක්ක එවන්නම් කීවත් ඌත් කිව්වේ පුලුවන් නම් අයියට කියලා බලන්න කියලා.ඒත් මට තේරෙන්නේ නැ.එයාගේ රිඇක්ට් එක මොනා වෙයිද කියලා?එයා ට වුනත් මේ වෙලාවේ හැටියට මයෝන් ව හොයාගන්න පුලුවන් වෙයිද?මයෝන්ව හොයාගත්තත් එයාව කොටුකරගන්න පුලුවන් වෙයිද?

මේ ඔක්කොම මගුල් එක්ක නිදාගන්න ගියත් පේන්න ගත්ත හීන විකාරයක් වෙලා පේනකොට මම හීනෙන්ම ගැස්සිලා ඇහැරුනේ මම ඇදන් ඉදපු ඇදුම පවා දාඩියෙන් තෙත් වෙලා ගිහින් තියෙද්දි.මීට කලින් මම ඕන තරම් නරක හීන දැකලා ඇහරිලා තියෙනවා.ඒ හැමදමා මන් වුන්නේ තනියම.ඒත් අද මට එයා තුරුල්වෙලා නිදන් නිටියායා.මගේ බෙල්ලේ අස්සේ ඔලුව ගහන් මාවත් කිටි කිටියේ බදන් හිටපු එයාගේ අත් අතරින් මිදිලා එන්න අමාරු වුනේ එයා වෙනදටත් වඩ මාව අද තදට බදාගෙන ඉන්නව කියලා.දැනෙනකොට.සමහර විට සීතල නිසා වෙන්න ඇති.

අද දවසම එයා එයාගේ ෆෝන් එකේ සර්විස් නෙට්වර්ක් අවුලක් වෙලා කියලා එයා මගේ ෆෝන් එක අතේ තියන් හිටියා වෙද්දි මට තප්පරෙකට ෆෝන් එක ගන්න වුනේ නැ.මම ඒක ගන්නව දැක්කොත් කෝල් එකක් ගන්න තියෙනවා ගාගෙන එයා ඒක උස්සන් යනවා.

ඒ නිසා ෆෝන් එකේ තිබ්බ මැසේජස් චෙක් කරන්න වුනේ දැන්.අන්තිමට මම එයාගේ අත් අතරට කොට්ටේ දීලා මේසේ උඩ චාර්ජ් එකට ගහලා තිබ්බ ෆෝන් එක ඇරන් ආව.එයා නම්බර්ස් දෙකකට තමයි අද දවසෙම ඇරන් තිබ්බේ.කෝල් ලොහ් එක චෙක් කරපු වෙලේ මයෝන්ගෙන් ආපු මිස්ඩ් කෝල් තුන හතර දැකලා මට රත් වෙලා තිබ්බේ.අයියා මට කිව්වේවත් නැ.එයාට මිස්ඩ් වෙලාද කොහෙද?
මොනා කරනද මන්දා?හෙට මම ඔය කියන මගුලට යන්නේ කොහොමද?අහ්හ්.
………………….මම මගේ කොන්ඩේත් අත් දෙකෙන්ම ඇදගෙන කකුල් දෙක ගැසුවේ ලාවට වතුර විසිවෙද්දි.

“කේතුර් ඔයා මොකද ඔතන කරන්නේ?”

“අහ්හ්……………අයියේහ්?යාහ් ඔය අන්ඩර්වෙයා…ර් එක විතරක් ඇදගෙන මේ මහ රැ මොකද කරන්නේ මනුස්සයෝ?”

එලියේ ලයිට් දාල තිබ්බ නිසාම හොදයි.නැත්තන් මම ග්‍රීස් යකා කියලා හිතලා බය වෙච්ච පාර තා පොඩ්ඩෙන් පූල් එකටත් වැටිලා හොද නාඩගමක් නටනවා.මෙකා යකෝ කැල්වින් කේවින් ජොක්කු ප්‍රදර්ශනයක් දාන්නද මේ මහ රැ අන්ඩර්වෙයර් එක පිටින් ඇවිදින්නේ?හොද වෙලාවට මේ මහ පාන්දර දෙකට විතර මොකෙක්වත් ඇහැරිලා නැත්තේ .නැත්තන් ජන්කුකාගේ ඇඩ් එකක් ශූට් කරනවා කියලා හිතලා මෙතනට කඩා පනින්නත් ඉඩ තියෙනවා.

මොනවා වුනත් අයියව අන්ඩර්වෙයාර් එක පිටින් දකිද්දි මොකක්ද වගේ.ඉනෙන් පහල බලන්නේ නැ කියලා හිතුවට සාන්ත නිකලැල් හිතුත් වල් බෝ වෙනවා මෙව්ව දැක්කහම.අපිට තියෙන එකම අයියටත් තියෙන්නෙ කියලා හිතුවට මොකද ඒකගේ යට කලිසම අස්සේ වෙන කාගෙහරි වම්බටු දෙකකුත් දාන් ඉන්නවද මන්දා?නැත්තන් ඔච්චර ලොකු වෙන්න බැනේ.මගේ එකා මේක එක්ක බැලුවහම එක්ස්ට්‍රා ස්මෝල් ෆීලින්ග් එකක් එනවා.

මොනාද හිතන්නේ හේශුවා?උබ කොහෙද බන් ස්මෝල්.යකෝ මම 30 මිනිට්ස් හූකර්.පෙනුමට තිබ්බට ඔය පොල්ල වගේද ඕක පාලනේට මට තියෙන බලේ.මමම ගැවෙන්න එපැයි ඕක පනගහලා කෙලින්වෙන්න.ඒ අතින් බැලුවහම මගේ එක ලේසියකට නගින්නෙ නැ.ඒක දිහාම මම කට ඇරන් බලන් ඉන්නකොට මට පෙනුනේ අයියාගේ කලිසමට යටින් වම්බටි දෙකතුනක් ලම්භකව ඉස්සිලා ඕපන් ගන්ගම් ස්ටයිල් නටනවා.අයියත් වමබටු එක්ක නටනවා.මගේ එකාට නැගලා තිබ්බේ නැති නිසා මම පස්ස නලෝ නලෝ ඉද්දිම අයියා මාව ලගට ඇදලා ඇරන් මාව අනිත් පැත්ත හරෝලා ගැහුවා එකක්…………………………………………………..

“ආව්ව”

බුදු අම්මෝ ගැහුවා තැස් තැස් ගාල දෙකක් පිට මැද්දැවට.තව පොඩ්ඩෙන් පූල් එකේ.මම අතක් පිට ඇත්තට යවලා පිට අත ගාගනිද්දි මගේ එහා පැත්තෙන් පූල් එජ් එකේ එයා වාඩි වුනේ රැ මැදියමේ එලියට ආව කියල බනින ගමන් වෙද්දි මම කකෞල් දෙක පූල් එකෙන් උඩට ඇරන් දරණ ගහගත්තා. එයා අපි දෙන්නම වැහෙන්න බැළන්කට් එක දැම්ම.මේ බ්ලැන්කට් එක කොයි වෙලාවේද මෙතනට ආවේ?ඒත් එක්කම මගේ ඇස් කෙලින්ම එයා දිහාට ගියා.කලින් අන්ඩර්වෙයාර් එක මිසින් නේ අප්පා.එයා ඒකට උඩින් ශෝර්ට් එකක් ඇදලා හිටියා.‍අයියා ශෝර්ට් එකක්කට මාරුවෙලා බ්ලැන්කට් එක උස්සන එනකන් මම එච්චර වෙලාම මනෝපාරක් ගහගෙනද හිටියේ?

බලන්න ඉතින් ලොකු ට්‍රිප් එකක් යන්න ඔය මොකුත් ඕනේ නැන?හිත විතරක් තිබ්බහම හොදටම ඇති.රට වටේම තප්පරේන් ගිහින් ආවැහැකි.මගේ මනෝලෝකේ කඩාකප්පල් කරා ගමන් මගේ ඉන වටින් ගිය අතක් මාව ඇදලා ඇරගනිද්දි මම ඒ දිහාට බෙල්ල හරවලා බැලුවා.නිදි මත නිසාම ලාවට පියවෙච්ච ගතියක් තිබ්බත් ඒ ඇස් වලින් මාවම පේනකොට මම ඒ දිහාම බලාගෙන හිටියා.

“මහ රැ මෙතන මොකද කරන්නේ?”

“හීනයක් දැකලා නැගිට්ටා.ආයේ නින්ද ගියේ නැ.ඒ හින්දා හුලං ටිකක් වැදෙන්න එලියට ආව.ඔයාව මම නැගිට්ටුවද?”

“Kind of.I miss my sleeping plushie.බය හිතෙන හීනයක්ද?බලන්න ඔයාට දාඩියත් දාල.”

“දැන් මතක නැ.නිකන් උඩ ඉදන් පහලට වැටෙනව වගේ මතක.එහෙම්මම ගැස්සිලා මම උඩ විසිවෙලා ඇහැරුනා.”

“හ්ම්ම්.Don’t think too much.It is just a dream.”

අයියා මගේ මූනට වැටිලා තිබ්බ කොන්ඩේ පස්සට කරලා කඩන් වැටෙන කොන්ඩේ කැල්ලක් අයින් කරලා කන අස්සේ රදවලා මගේ කනක් ඒ අතින් පිරිමැද්දා.

“සීතලයි නේද?මේ බලන්න කනත් රතු වෙල.අපි ඇතුලට යමුද?හ්ම්ම්?”

“එහෙම සීටල නැ.ටිඅක්ක ඉමුකෝ.”

ඇතුලට යනවට වඩා මට ඕන වුනේ මේ වෙලාවේ මේ ලස්සන පරිසරය එක්ක, එයත් එක්ක තනි වෙන්න වෙද්දි එයා බ්ලැන්කට් එකේ මාව තවත් තදට ඔතලා මාව ලගට කරගත්තහම මම එයාගේ නිරුවත් පපුව වටින් අත් දෙක යවලා මේ සීතලේ තිබ්බ එකම උනුහුමට ගුලිවුනා.ආහ් මගේ පර්සනල් හීටරේ.අනික මම ආසම අයියා ගාවින් එන මේ සිට්‍රස් සුවදට.ඒක මාරම refreshing.මම එයාගේ ටැටූ එක උඩ නහය අග අතුල්ල එයාගේ පපුව උඩින් නිකට තියලා එයා දිහා බැලුවහම එයා මගේ නහයට තට්ටුවක් දැම්මා.

“ඔයා නම් කොටි පැටියෙක්ම තමා.හැබැයි තව පොඩි addtion එකක් තියෙනවා.”

“Addition?”

“මතකද මම ඔයාට අපේ ගෙදරදි දුන්න හුඩී එක?”

“අපේ ගෙදරදි….අහ්හ් හුඩී එක?ඕ.මතකයි.ඉතින්?”

“එකේ හිටපු සතා මතකද?”

“ඕහ්.පෙන්ගුයින් කෙනෙක් නේ?ඉතින්?”

“ඔයාට තරහ ගියාම පෙන්ගුයින් කෙනෙක් වගේ.”

“මොන මගුලක්ද ඒ පාර කියන්නේ?”

“ඔයා නිකන් කොට කලු සුදු පෙන්ගුයින් කෙනෙක් වගේ?”

“අයියේහ්?”

“කැගහන්නේ නැ.ඇයි දැන් මගේ බබා පෙන්ගුයින් කෙනෙක් වගේ වෙන්න කැමති නැද්ද?කොච්චර කියුට්ද?අනික ඔයාගේ Height එකත් මාර මැචින්.”

“මොකක්?මම කොයි හරියෙද එහෙම පෙන්නේ?තමුසෙට වඩා අගල් හතරක් කොට වුනාට අපි උස මිනිස්සු .හරිද?”

“ඒත් කේතුර් අර ඔයාට තරහ ගියාම යනකොට නිකන් පෙන්ගුයින් කෙනෙක් වගේ පස්ස වන වන යන්නේ.”

“……………………………………………………………………………………………..”

“කකුල් දෙකත් ගස්ස ගස්ස පස්සත් නලෝ නලෝ බකල් ගහ ගහ …අහ්හ්….අව්ව්…….කේ……”

“ආව්………..කේතුර් රිදුනා.”

“රිදෙන්න තමා හැපුවේ හුත්ත.තමුසේට අයියේ පෙන්ගුයින් කෙනෙක්ට ලව් කරන්න ඕනේ නම් ආක්ටික් වලට ගිහින් හොයාගෙන ලව් කරපන්.මට කොටා කොටා ගාන්නේ නැතුව රෙද්ද.චිරායුව නම් කමක් න.මම යකෝ කමක් නැ.මම යකෝ කොච්චර උසද?මට මහ පරිමාණෙන් උස යන්න ඕනෙ නැ.ඇයි උස ගිහින් හද අල්ලන්නද?අනික අයියා තමුසේ උස වුනාට තමුසෙගේ මේ මල්ලී උස නැනේ හුත්තා.ඒකට අපි දෙපාර…….මගුල…ම්ම්….අහ්හ් එහාට වෙනවා අයියේ.”

බකල් ගහන පෙන්ගුයින් කෙනෙක් වගේ කියලා එයා මට විහිලු කරද්දි මම ඒ පපුව ඉස්සරහ දත් දෙකෙන් හැපුවේ මගේ දත් පාර රවුමට හිටිද්දි.එයා රිදෙනවා කියලා බ්ළැන්කට් එකට යටින් මගේ පස්සට අත පුරෝලා පාරක් දීලා බ්ලැන්කට් එක අස්සෙන් අත යවලා මාව කිචි කවන්න ගත්තේ මගේ කියවිල්ලට බාධ කරන ගමන්.මට කිහිලි යටට කිචි නොදැනුනත් බඩට කිචි කියලා දන්න නිසාම එයා ශර්ට් එක යටින් අතක් යැව්වා. ඒ ඇගිලි තුඩු මගේ නිරුවත් බඩ උඩ දගකරද්දි මම එයාව එහාට කරන් ගමන් එපා කියන්න හදන හැමපාරකම කිචිය නිසා මට හිනාගියා. මට හිනාවක් යන හැම වාරෙකම එයා මගේ වල ගැහෙන කම්මුල් උඩ තොල් තද කරද්දි ඒ රැවුල් කොටවල කිතියට මම බෙල්ල එහාට මෙහාට කරා.මම එයාගෙන් ගැලවෙන්න දගලන හැම වතාවකම එයා මාව එයාටම ඒ පිරුණු අත් අතර හිරකරගත්ත.

අපි දෙන්නාගෙම ඇස් එකට පැටලුණු වෙලේ ඒ ඇස් වලින් හැගීම් දෝරගලනවා.මට හොදට මතකයි ඒ ඇස් කතාකරන විදිහ.මගේ මතක ඒත් එක්කම ගියේ අපි දෙන්නා අතර වුන ඒ කතාබහකට.එදා ඉස්කෝලේ අවුරුදු උත්සවේ දවසම.අපි දෙන්නම හිටියේ අනිත් අය එක්ක ඇහැල ගහ යට කොටේ උඩ වාඩිවෙලා.මනිරු මගේ ඔඩොක්කේ උඩ ඉදන් මගේ පැනිවලල්ලකට වැඩේ දීගෙන හිටියේ. එදා සර් මන් දිහා බලලා අහපු ඒ දේ තාමත් මට මතකයි.

“කේතුර් දන්නවද මම කේතුර්ට කොච්චර ආදරේයිද කියල?”

“හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්චර ආදරෙයිද කියලා.”

එදා ඇතින් ඉදන් සර් කරප ආදරේ ඒ උනුහුමට මම එහෙම කියද්දි අද මට දැනෙන්නේ එයා එදා කරපු ආදරේ දහස් ගුනයකින් වැඩි වෙලා වගේ.එයා හැමතිස්සෙම කියන්නේ කේතුර් උබට ආදරේ බින්දුවක් නැර මම දෙන්නේ කියලා.ඒ ඇස් දිලිසෙන්නේ මන් නිසා නේද කියලා දනෙනකොට ඒ ඇස් වල ඒ හුස්මේ උරුමක්කාරයා මන් කියලා දැනෙනකොට මට තවත් ආදරේ හිතෙනවා.ඇස් අස්සේ දිලිසෙන මේ මන්දාකිණිය අස්සේ හැගීම් හංගන් ඉන්න මේ මනුස්සයට මම මාර ලෝබයි දෙයියනේ.

“ඇයි මම මෙච්චර ආදරේ?”

එයාගේ ඇස් දිහාම බලන් ඒ කම්මුලකින් අත තියලා මම අහනකොට ඒ මන්දාකිනි ඇස් මාව වසග කරා.මම පරිස්සමට ඒ කම්මුලක් පිරිමැදලා ඒ තොල් වලට බර වුනා.

ඒ උනුහුම් හාද්ද මගේ වගේම එයා තුලත් හැගීම් පූද්දද්දි මම දන්නෙ නැ කොයි වෙලේ මම එයාගේ අත් අස්සේ හිර වුනාද කියලා.මම දන්නෙ නැ මගේ කකුල් කොයිවෙලාවේ එයාගේ ඉන වටේ එතුනද කියලා.මම දන්නෙ නැ කොයිවෙලේ මගේ කකුල් යටින් අත් යවපු එයා මාව උස්සලා ගත්තද කියලා.මොකද එයාගේ ස්පර්ශය පවා මාව හිරියකින් මත් කරලා තිබ්බේ.හාදුවට විරාමයක් නොදීම එයා මාව බ්ලැන්කට් එක පිටින්ම උස්සන් ඇවිත් ඇදේ තියද්දි මම එයාගේ ඉන වටේ තිබ්බ කකුල් දෙක තද කරන ගම්න් එයා මන් ගාවට ඇදලා ගත්තා.

අත තියලා මගේ බෙල්ල පැත්තකට ඇල කරපු එයා මාගේ තොල් මාරුවෙන් මාරුවට තෙමපු එයාගේ කොන්ඩේ අතරින් මගේ සීතල දිග ඇගිලි ඇදිලා ගියා.එයාගේ අතක් මගේ ඇදන් ඉදපු ශර්ට් එකට යටින් නිරුවත් බඩ පපුව පුරාටම තද වෙද්දි මම ඉනෙන් ඉස්සුනා.

Buzz….Buzz

Buzz….Buzz

“ම්ම්හ් අයියේ……à·„à·Š”

අපි දෙන්නෙගෙම හාදුව අතරින් එයාගේ ෆෝන් එක දෙපාරකට වඩා රින්ග් වෙලා ගියත් එයා අවදානයක් නොදී හිටියා වෙද්දි තුන් වෙනි පාරටත් ඒක රින්ග් වෙනකොට මම එයාගේ තොල් වලින් ඇත් වෙලා බෙල්ල හැරෙව්වේ ෆෝන් එක දිහාට.මහ පාන්දර කියලා වෙනසක් නැ එයාට කෝල් එන එක එනවා.ඒ නිසාම මම එයාට කෝල් ෆෝන් එක දිහා බලලා ඉගි කරද්දි එයා අවදානයක් නොදීම මගේ බෙල්ල දිහාට තොල් අරන් ගියා.එයාගේ කොන්ඩේ අතරින් අත යවපු මම එහෙ.මම එයාව තුරුල් කර ගන්න ගමන් අත දික්කරලා ෆෝන් එක ගත්තා.

“අයියේ රයන් ගන්නේ.”

“ම්ම්”

“අයියේ”

“පස්සේ.I have something important thing to take care.”

“මොකක්ද මැසේජ් එකක් එවලා තියෙනවා?වැඩේ ක්ලෝස් සර්…………”

මම අතට ඇරන් ආන්සර් කරන්න යද්දිම කෝල් එක තුන් වෙනි වතාවටත් කට් වෙලා යනකොට මම කොල් එකේ අයිඩී එක එයාට කිව්වහමත් එයා ගානක් නැතුවම මගේ බෙල්ලේ එයා කර කර ඉදපු සුපුරුදු වැඩේ කර කර හිටියා.මම ෆෝන් එක ආපහු ටේබල් එක උඩින් තියන්න හැදුවතත් එයාට ආපු මැසේජ් එකක් ස්ක්‍රීන් එක උඩ pop up වුනා. මම එයාට ආපු මැසේජ් එක කියවද්දි මගක් කියවනකොටම එයා ෆෝන් එක තිබ්බ මගේ අත ඇදට තද කරලා මගේ බෙල්ල තදින් ඉරෙව්වා.ඇදට තද වුන අත හොලවගන්න බැරි වුනත් මගේ නිදහස් අතින් එයාගේ පිට සීරිලා යනකොටත් එයා උරවන එක නැවැත්තුවෙ නැ.මාගේ අතින් එයාගේ ෆෝන් එක අතඇරිලා එයාගේ අතැගිලි බැදෙනකොට එයා මගේ බෙල්ලේ උරවපු තැන තොල් තද කරලා හාද්දක් තියලා ඇත් වෙලා මගේ ඇග උඩින් අයින් වෙලා මන් දිහා බැලුවා.

මටම දැනෙනවා එයාගේ යටදි මම ඇවිස්සුන කෙනෙක් ගානට.මගේ ඉහේ ඉදන් පාදන්තෙට එනකන්ම එයාගේ අතින් පොඩි වෙලා ගිහින් තිබ්බා.ඒත් ඒ අපිලිවෙලකමට මන් ආසයි.එයා ඇදට දණ තියලා මගේ අතක් ඇරන් ඉබ්බේ මාව ඇදලා ගන්න ගමන්.

“ශර්ට් එක චේන්ජ් කරගන්න.දාඩියා දාල.වොශ් එකක් උදේ දාගමු.හ්ම්ම්?”

මගේ කොන්ඩේ අතින් හදන ගමන් කියපු එයා මාව ඇද උඩ තනිකරලා වොශෲම් එක පැත්තට යනකොට මම අතින් ගසලා කොන්ඩේ හදාගත්තා.පොඩි වෙලා තිබ්බ ඇද ඇතිරිලි හදලා ඉවර වෙනකොට තමා මට පූල් එක ගාව තිබ්බ ෆෝන් එක මතක් වුනේ.තා පොඩ්ඩෙන් ඒක එලියෙම අමතක වෙලා එනවා.මම එලියට ගිහින් එතන තිබ්බ ෆෝන් එක ඇරන් ඇතුලට ආවේ ග්ලාස් වින්ඩෝ එක වහන ගමන්.

මේ මල හුත්තා රැට නිදියන්නෙ නැද්ද මන්දා.මයෝන් කියන බේසික පුත්‍රයා කියවන්න බැරි තරම් අසික්කිත මැසේජ් එවනකොට මම මගක් කියවලා ඉතුරු ටික නොකියවා ෆෝන් එක තිබ්බා.මේක හිතන් ඉන්නවද දන්නෙ නැ හෙට මම ඌව හම්බෙන්න එන්නේ හැමිනෙන්න කියලා.රමනයකට පෙර උබ එන බව අසා ඇද රෙදි තෙත් වුනි?ඇයි මම එනවා අහලා තොට ඇදේ චූ ගියාද කියලා රිප්ලයි කරලා මමා ෆෝන් එක ඕෆ් කරලා දැම්ම.හෙට මම උබත් එකක් දෙකක් බේරගන්නම්.

කොන්ඩේ දිගේ අතක් ඇරන් ගිය මම ෆෝන් එක තියන ගමන් අතට ගත්තේ අද උදේ මම කියවල ඉවර කරපු පොත.මම මේ දවස්වල පොත් කියවන ඇබ්බැහියක ඉන්නේ කියලා දන්න නිසාම අයියා මට පොතක් ගෙනත් දුන්නා.ඒක ඉන්ග්ලිශ් පොතක්.එයා වගේ බෙල්ලට තිබ්බත් කැපෙන තරම් කඩ්ඩ ගාල නොතිබ්බට මටත් ගානට ශේප් එකේ කපාගන්න තරම් ගාල තිබ්බ කඩ්ඩක් තමා තිබ්බේ.

ඒ පොත අලුත්ම එකක් නෙවෙයි කියලා ඒක පෙරලෙනකොටම මට තේරුනා.සමහර තැන් වල ඒ පොතේ පොඩි පොඩි චිත්‍ර ඇදලා තිබ්බ.ලොකු ගැනු කෙනෙක් එක්ක පොඩි ගැනු ලමයෙක්,තව වෙලාවක පවුලක්,පේපර් ක්‍රේන්ස්,doodles arts වගේ දේවල්.පොත පෙරලන ගමන් මම එකේ පිටු තියලා හුස්මක් ඉහලට ඇද්දා.ලාවට මැකිලා යන බෙහෙත් සුවදක් අස්සේ මට දැනුනේ අනිත් අතට සර්ගේ සුවද.

පොතේ පිටු එක අතකට පෙරලපු මම එකේ දාරේ දිගේ ඇගිල්ලක් ඇරන් ගියා.කාමරේ බාතෲම් එකේ දොර වැහෙනකොට ඒ දිහාට මම බැල්මක් දුන්න. එයා ඇවිත් මාව ඇදේ අනිත් කෙලවරට තල්ලු කරන ගමන් මගේ එහා පැත්තෙන් අත් දෙක නමලා ඊට උඩින් ඔලුව තියාගෙන එයා ඇලවුනහම අතේ තිබ්බ පොත පපුව උඩින් තියාගත්ත මම එයාගේ අතක් දිග ඇරන් මගේ ඔලුව ඊට උඩින් තියා ගත්තේ එයා ගැස්ස්ලා වගේ මන් දිහා බලද්දි.තප්පර ගානක් මන් දිහා බලන් හිටපු එයා මාව එයා ලගට ටිකක් ඇදලා ගත්තේ මම ඇදට උඩින් දාල තිබ්බ වියන දිහා බලන් ඉද්දි.

“කේතුර්?”

“හ්ම්ම්”

“පොත කියවලා ඉවර කරාද?”

“හ්ම්ම්.ඒක ලස්සනයි.ඒත් මම හිතන්නෙ නැ එක මට ආයේ කවදාවත් කියවන්න පුලුවන් වේයි කියලා.”

“සැඩ් එන්ඩින්ග් නිසාද?”

“සැඩ් එන්ඩිග් නිසා කියන්නත් පුලුවන්.ඒත් ඇයි එයා ජීවත් නොවුනේ?සඩාකෝ කොච්චර බලාපොරොත්තු තියන්ද හිටියේ ජීවත් වෙන්න හුස්ම ගන්න.ඒත් අන්තිමට එයාට එයාවම නැති වෙනවා.”

“Fantasy ලෝකෙක නෙමෙයි අපි ජීවත් වෙන්නේ.යථාර්ථය කොච්චර තිත්ය වුනත් ඒක දරාගන්න පුරුදු වෙන්න ඕනේ.කේතුර් දන්නවද ඕක සත්‍ය කතාවක්.”

“මේක?සදාකෝ කියන්නේ ඇත්ත කෙනෙක්ද ?”

“හ්ම්ම්”

මම එයා දිහා පුදුම වෙලා බලන් අහද්දි එයා කරේ ඔලුව වනපු එක විතරයි.Sadako and the thousand paper
Cranes කියන්නේ Elernor correr කියන කතුවරියගේ පොතක්.ඒක දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානය ගැන තියෙන්නේ. 1945 දි ජපානයේ හිරෝෂිමා වල මිසාසා පාලම ලග එයාගේ ගේ ගාවට පරමාණු බෝම්බය වැටෙන කොට සදාකෝගේ වයස අවුරුදු 2 කි. බිම් බිංදුවේ සිට සැතපුමක් පමණ දුරින් පිපිරීම සිදුවන විට සදාකෝ හිටියෙත් ගෙදර.

ඒ සිද්දිය වෙලා අවුරුදු දහයකට පස්සේ ඒ කියන්නේ එයාගේ වයස අවුරුදු 12 දී සදාකොගේ බෙල්ලේ පිටිපස්සේ, කන් පිටිපස්සෙ ඉදිමීම් වගයක් ඇතිවෙනවා. පහුවෙනකොට එයාගේ කකුල්වල දම් පැහැති ලප ඇති විය. පස්සේ එයාට ලියුකේමියාව වැලදිලා කියලා හොයාගන්නව.සදාකෝගේ අම්මා ඒ ලෙඩේට කිව්වේ පරමාණු බෝම්බ රෝගය කියලා.රෝගය හදුනාගෙන සදාකෝව රෝහල් ගත කරත් ඩොක්ටර්ලාට අනුව සදාකෝට ජීවත් වෙන්න ලැබෙන්නේ අවුරුද්දක් වගේ කාලයක්.

හිරෝශිමා බෝම්බවල විකිරණවලින් ලියුකේමියාව වැලදිලා රෝහලේ හිටපු සදාකෝට එයාගේ යාලුවා කියනවා paper cranes දාහක් නමන්න කියලා.මොකද paper cranes 1000 ක් නිර්මාණය කළ කෙනෙක්ට ප්‍රාර්ථනාවක් ලැබෙනවා කියල යන ජපන් පුරාවෘත්තයක් තිබ්බා.

ඒ විශ්වාසේ නිසාම සදාකෝ paper cranes හදනව.මොකද එයාගේ ආශාව වූනේ සරලව ජීවත් වෙන්න. හැබැයි සදාකෝට අවුරුද්දක්වත් ජීවත් වෙන්න බැරි වුනා.එයාට හදාගන්න පුලුවන් වෙන්නෙත් paper cranes 644 ක් විතරයි. කතාවේ කියන විදිහට ඉතිරි paper cranes ටිඅක එයාගේ යාලුවෝ එකතු වෙලා හදලා ඉවරකරලා paper cranes 1000 ම එයා මියගිය තැන තැන්පත් කරලා තියෙනවා.

“එතකොට සදාකෝ කියන්නේ ඇත්තටම දෙවන ලෝකේ යුද්ද කාලේ ඉදපු ලමයෙක්ද?”

“ම්ම්.ඒත් ඔතන එක තැනක පොඩි වෙනසක් තියෙනවා.මේ කතාවේ කියන්නේ එයා paper cranes 600 ගානක් හදනවා කියලනේ.හැබැයි ඒක එයාලගේ පවුලේ අය තහවුරු කරලා නැ. එයාගේ පවුලේ අය කියලා තියෙන්නේ සදාකෝ එයාගේ target එක වුන paper cranes 1000 ත් ඉක්මවලා ගිහින් paper cranes 1400 ක් පමණ නවලා මිය ගියා කියලා.ඕක මම දැන ගත්තේ The Complete Story of Sadako Sasaki පොතෙන්.මම සදාකෝ ගැන විස්තර හොයද්දි තමා ඔය පොත් දෙකේ වෙනස දැනගත්තේ.ඒ පොත මම ඔයාට පස්සේ වෙලාවක දෙන්නම්.ඒක තියෙන්නේ මගේ කොළඹ ගෙදර.ඒ පොතේ කියන විදිහට සදාකොගේ පවුලේ අය ඒ වැඩිපුර හදපු paper cranes ලෝකේ තියෙන වැදගත් ස්ථාන කීපෙකටම donate කරලා තියෙනවා.New york city එකේ 9-11 ස්මාරකයට, හවායිවල තියෙන පර්ල් වරාය,තව මට මතක විදිහට ජපන් ඇමෙරිකන් කෞතුකාගාරයකටත් donate කරලා තියෙනවා.”

“හ්ම්ම්.ඒක හිතාගන්නවත් බැ.ඒ පොඩි දරුවා ජීවිතේ අවිනිශ්චිත බව දැන දැනත්,තමන් මැරෙන දවස දැන දැනත් කඩන් නොවැටී එච්චර ලොකු බලාපොරොත්තුවකින් ජීවත් වුනා කියන එක.මට තාම හිතාගන්න බැ.”

“එහෙම බලද්දි එයාගෙයි අපේ ජීවිතවල අවිනිශ්චිතතාවය කියලා වෙනසක් නැ.”

“ඇයි එහෙම කියන්නේ?”

“එයාගේ ලෙඩේ හින්දා එයා මැරෙන බව දැනන් හිටියා.එයා සරල ජීවිතයක් වෙනුවෙන් ඒ බව දැන දැන උත්සහ කලේ.අපි වුනත් කවද හරි මැරෙනවා.අපි ඒක හැමතිස්සෙම මතක් නොකලත් ඒක වෙනස් කරන්න බැ.ඒත් එයාට වඩා අපි කොච්චර කාලයක් හිටිය වුනත් අපි බලාපොරොත්තු ඇතිකරගත්ත,හින කොච්චරක් උත්සහ නොකරලම අත අරිනවද?ඒත් එයා? අන්‍තිම paper crane එක හැදුවෙත් සතුටින්.මිත්‍යාවක් විශ්වාස කරලා වුනත් එයා ලෙඩින් ඉදලා මහන්සි වෙලා උත්සහ කලේ ජීවත් වෙන්න තියෙන බලාපොරොත්තුව එක්ක.”

“හ්ම්ම්.එයා හරිම courageous .”

“එයා වගේම ඔයත්.මම දැකලා තියන හිත හයියම කෙනා ඔයා කේතුර්.ඔයා සමහර දේවල් දරාගන්න විදිහ පුදුමයි.ඒ දේවල් මම වුනා නම් දරාගන්නව බොරු.ඒත් මම අකමැතිම ඔයා ඔයා ගැන බලාපොරොත්තු නොතියගන්නවට.අනිත් අය වෙනුවෙන් කැප කිරීම් කරනකොට ඔයාට ඔයාව අමතක වෙනවා.අනිත් අය වෙනුවෙන් ඔයාගේ හීන අමතක කරනවා.මම ආස ඔයා හීන දකිනවා බලන්න.ඒ හීන ලගා කරගන්නව බලන්න.”

“සදාකෝට එයාගේ හීනේ ලගාකරගන්න බැරි වුනත් ඒ උත්සහය බලාපොරොත්තුව එයාව අවසන් මොහොත වෙනකන් සතුටින් තිබ්බා.එයාගේ ජීවිතේ ගොඩක් අයට ලොකු පාඩමක් උගන්නනවා.ඒක දේශපාලනික හෝ වේවා සමාජීය හෝ වේවා.මම ආස ඔයත් ඒ වගේ හැමෝටම ආදර්ශමත් කෙනෙක් වෙනවා දකින්න.ඔයා ආස හීන වලින් උඩටම යන්න.සදාකෝගේ යාලුවෝ දෙන්න පවුලේ අය එයත් එක්ක හිටිය වගේ ඔයාගේ සාර්ථකත්වේ අග වෙනකන් මම ඔයා පිටිපස්සේ ඉන්නවා.”

“අයියේහ්…”

“ඕ මෙන්න බලන්න ඉස්කෝලෙම නසරාණිය කදුලු පුරවන්.අඩන්න දෙයක් කිව්වද මම ?හ්ම්ම්?කේතුර් දන්නවද මේ පොත මට ලැබුනේ මගේ අක්කගෙන් කියලා.”

“අක්කගෙන්?”

“හ්ම්ම්.මේ පොත එයාගේ.මට මතකයි ඉස්සර මම ගෙදරට වගේම අන්තිම කාලේ එයාව බලන්න හොස්පිටල් එකට ගාල්ලේ ඉදන් යන හැමදවසකම එයා මම එන ගොඩක් වෙලාවට මේ පොත එයාගේ බබාට කියවනවා.අක්කගේ බබාට අපි ආදරේට කිව්වේ ප්‍රින්සස් කියලා.එයා ඒ පොත හැමදාම ඒ දරුවට එයාට ගැලපෙන විදිහට කියලා දෙනවා.මේ පොතේ චිත්‍ර තියනව නේද ?ඒ හැම එක්කක්ම එයයි,ප්‍රින්සසුයි ඇදපුවා.”

“එයා මේ පොතට අන්තිම කාලේ ගොඩක් ඇබ්බැහි වෙලා හිටියේ.කොටින්ම එයා කැන්සර් එක නිසා නැතිවෙනකොට එයාගේ කාමරේ පවා පේපර් cranes ගනින්න බැරි තරමක් තිබ්බා.අන්තිම වෙනකන් එයත් සදාකෝ වගේ paper cranes හැදුවා.බලන කෙනෙක්ට ඒක විහිලුවක් වගේ පෙනුනත් එයා කිව්වෙම එයාට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලා.එයා ඒකෙන් සතුටු වුනා.එයා කැන්සර් ලෙඩෙක් කියලා පිටතින් නොපෙනෙන තරමට ශක්තිමත්ව හිටියේ.එයාට සදාකෝ වගේ paper cranes 1000 ක් හදාගන්න බැරි වුනත් එයා සතුටින් අන්‍තිම මොහතේ ඉදලා තියෙන්නේ.”

“අක්කා නැතිවුනත් ප්‍රින්සස්ට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දීලා ගියේ.මොකද එයා හොදටම දැන්න හිටියා.බලාපොරොත්තු මිනිස්සු ජීවත් කරනවා.අක්ක නැතිවුන දවසේ පවා ඒ බබා කිව්වේ අම්මා ඇත ඉදන් බලන් ඉන්නවා කියලා.එයා සතුටින් ඉන්නවා කිව්වලු. එයා අම්මට කියපු රහස ඉශ්ට කරනකම් බලන් ඉන්නව කිව්වා.එදයි අක්කගේ බලාපොරොත්තුව මම දැනගත්තේ.එයාට ඕන වුනේ එයා නැති දවසක එයාගේ දරුවා තනියම දේවල් කරගන්න පුරුදු වෙන්න.එයා දරුවට ගොඩක් දේවල් තනියම කරන්න පුරුදු කරලා තිබ්බේ.එයා හදපු හැම paper crane එකකම එයා ප්‍රින්සස් කරන්න ආසයි කියලා කියපු හැමදේම එයා බලාපොරොත්තුවක් විදිහට ඒවයේ ලියලා තිබ්බේ.ඒ දරුවා ඒ බලාපොරොත්තු එක එක සැබැ කරගනී.”

“අක්ක මේ පොත මට දුන්නා එයා ඒක දරුවට කියලා ඉවර කරපුවහම.එයාට ඕන වුනේ මේ පොත අස්සෙන් මට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් හොයාගන්න.මොකද මම කියන්නේ බලාපොරොත්තු මරලා දාපු කෙනෙක්.ඒ දවස්වල මම හිනා වුනානම් හිනාවුනේ ඔයත් එක්ක ගෙවපු පැය ගාන් විතරයි.මම ඒ වෙලාවට කොහොම හිනා වුනාද කියලවත් මට පස්සේ වෙලාවක මතක නැ.ඔයාව මුනගැහෙන්න යන එක මට පුරුද්දක් වෙලා තිබ්බත් ඔයා මගේ ජීවිතේට බලපැමක් ඇති කරපු කෙනෙක් කියන එක මට තේරුම් ගිහිලා තිබ්බෙ නැ.”

“ඒත් ඔයා මගෙ ජීවිතෙන් මැකිලා ගිය දවසේ ඉදන් මම හිතන්නේ මම ඔයා ගාව ඉදපු මාව හොයන්න ගත්තා.බටු ඇටේ වගේ ඉදන් වුනත් ඔයා මාව කෙයාර් කරපු හැටි මතක් වුන වාර අනන්තයි.කැවාද කැවද කියලා අහ අහ වදදෙන,නොකැවොත් ඒත් කැගහන,වලි දාගෙන තුවාල කරන් එන දවසට ඒ තුවාල එක්ක ඔට්ටු වෙවී බීච් එකම දෙවනත් කරන් හයියෙන් අඩන,පාඩම් කරන දවස්වලට පාඩම් කරලා ලොකු වෙලා මාව ලොකේ වටේ රවුමක් එක්කන් යන්න අනේ කියලා කියන මගේ ජීවිතේ මට වඩා අයිතියක් තියෙන,මට මාවම හොයල දුන්න පොඩි එකා මට නොසෑහෙන්න මග ඇරුනා. මගේ බලාපොරොත්තුව මට අත ඇරුනා වගේ දැනුනේ .ජීවත් වෙන්න ඔයාව දකින්න මම ආස කලා.ඔයා හම්බෙනකන් මේ ගත කරපු අවුරුදු 12 ටම මම බලාපොරොත්තුවක් එක්ක ජීවත් වුනා.අද නැත්තන් හෙට හරි හම්බෙයි කියලා.ඒ වෙනුවෙන් මහන්සි වුනා.මගේ පොඩ්ඩ ආස විදිහ කෙනෙක් වෙන්න,එයාව ආයේ මා ගාව තියාගන්න ඒ බලාපොරොත්තුව උදව් කරා.මම ඒ පොඩි එකා වෙනුවෙන් එයා ආසම විදිහට හිනාවුනා.අද මගේ බලාපොරොත්තුව මගේ ඇස් ඉස්සරහ ඉන්නවා.හීනයක් කියලා මුලදි හිතුවත් ඒ බලාපොරොත්තුව සැබැ වෙලා.මම ඒකයි අදටත් මේ පොතට මෙච්චර ආදරේ.මාව මගේ කොටි පැටියා දකිනකන් ඉවසන්න පුරුදුකලේ මේ පොත.”

“අයියේ..à·„à·Š”

“ම්ම්හ්”

“මම කතාවක් අහලා තියෙනවා අපි ජීවිතේට තෝරගන්න ඕනේ අපි ආදරේ කරන කෙනා නෙමෙයි අපිට ආදරේ කරන කෙනා කියලා.මම හිතන්නේ ඒ අතින් මම වාසනාවන්තයි.”

ආදරේ නොලබපු මිනිස්සුන්ට ආදරේ කරන්න බැ කියල කියන්නේ කවුද?එයාලට තමා මන් හිතන්නේ ආදරේ වැඩියෙන්ම දැනෙන්නේ.මගේ ජීවිතේ මට ආදරේ නොලැබුන තැන් ගොඩක් තිබ්බා.ඒ හැම තැනක්ම අම්මා, අසෙලි අම්මා, මගේ යාලුවෝ පුලු පුලුවන් ගානට පිරෙව්වා.ඒත් මටම කැපවෙලා මගේ ජීව්තේ ආදරෙන් පුරවල මාව ආදරෙන් මත් කලේ එයා.ආදරවන්තයෙක්,තාත්තෙක්,අම්මෙක් ,සහෝදරයෙක් මේ මොන මොන විදිහට වුනත් එයා මට ජීවිතේ මග ඇරුනු මිනිස්සුන්ගේ අඩුවක් දැනෙන්න දුන්නෙ නැ.

ආදරේ වැඩියෙන්ම දැනෙන්නේ ආදරේ මගැරුනු හිත්වලට.ඒ වගේම ආදරේ වැඩියෙන්ම කරන්නෙත් ආදරේ මගඇරුනු හිත්.

වචනවලින් එයා හැගීම් එලියට දානවා හරිම අඩුයි.එහෙම කරන වෙලාවට මට ඒ හැගීම් පපුවට බර වැඩියි.අදත් එහෙමයි.එයාගේ බලාපොරොත්තුව මම කියලා දැනෙනකොට මම ඒ හැගීමට ආදරෙයි.මගේ ඇස් වලින් කදුලු කම්මුල් දිගේ වැටෙනකොට එයා මාව ඒ පපුවට තුරුලු කරගත්තා.එයාගේ අතැගිලි මගේ කෙස් අතරින් යවලා එයා මගේ උරහිස උඩින් හාද්දක් තිබ්බා.

“මගේ පුන්චි බලාපොරොත්තුව එයාගේ හීනවලට සතුටින් යන්න ඕන.එයාට රිදෙනවට මම කැමති නැ.ඒක විතරක් මතක තියාගන්න.අනිත් හැමදේටම මම ඉන්නවා.”

මාව වැලදගත්ත එයා මගේ පිටට තට්ටුවක් දාන ගමන් කියද්දි මම තොලක් හපාගත්තා.එයාගේ අත් අතරින් ඇත් වුන මම මගේ ශර්ට් කරින් මූන පිහන් ඇදේ කෙලින් වුනේ එයාත් මාත් එක්ක නැගිටිද්දී.

“කේතුර්?”

“මට දෙයක් කියන්න තියෙනවා අයියේ.”

එයාව මේ ප්‍රශ්නෙට ඇදලා නොදා මගේ විදිහට මේක විසදගන්න ඕන වුනත් මගෙයි නෙලීශගෙයි ස්ටයිල් එකට විසදන්න බැ මේ ප්‍රශ්නේ.නෙලීශ කියන විදිහට වගේම මට දැනිලා තියෙන විදිහට බොහෝ දුරට මේක අයියාට විසදන්න පුලුවන් වේයි.අනික මේ ප්‍රශ්නේ නොවිසදුනොත් මට වගේම එයාටත් බලපැමක් තියෙනවා.ඒ හින්දා මම මයෝන් ගේ ප්‍රශ්නේ කියන්න හිතුනා.අනික නෙලීශ,අයියා කියන හැමදේකින්ම මට තේරුනේ මම අයියට ඕපම් වෙන්න ඕනේ කියන එක.එයාත් එක්ක මට මේ ප්‍රශ්නේ විසදගන්න පුලුවන් වෙයි.

වෙච්ච හැමදෙයක්ම මම අකුරක් නැර එයාට කියද්දි එයාගේ අතක හිරවෙලා තිබ්බ මගේ අත සමහර තැන්වල තදට මිරිකුනා.ඒ වගේම ඒ තැන්වලදි එයාගේ ඇස් පියවෙනවා, රතු වෙනවා.ඒත් මාව බය කරපු දේ තමා එයා මගේ කතාව පුරාම වචනයක් නොකියා අහන් හිටපු එක.මම එයාට මයෝන් මැසේජස් එවපු නම්බර් ඔක්කොගේම චැට් පෙන්නුවා.මට දැන් අම්බානෙකට අහගන්න වෙනවා මේක දවස් තුන හතරක්ම හංගන් හිටපු එකට.ඒ වගේම එද ගහගත්ත විස්තරේ බොරුවක් කියලා කියනකොට එයාගේ බැල්ම මාව මැරුවේ නැති ටික විතරයි.මම කතා කරලා ඉවර වෙනකන්ම වචනයක් නොකියපු එයා කතාව ඉවර වෙලා අපි අතරේ විනාඩි දහයක විතර සයිලන්ස් එක බින්දෙත් එයාමයි.

“එකා තමුසෙගේ කොහේ කොහෙද ඇල්ලුවේ?”

මුදු වචන නැත්තටම නැති වෙලා අහන්න පුලුවන් රලුම විදිහට එයා මගෙන් ඇහුවා.මම කෙල ගුලියක් ගිලලා එයා දිහා බැලුවහම එයා මගේ අත ආපහු මිරිකුවා.

“මම ප්‍රශ්නයක් ඇහුවා කේතුර්.”

“මගේ අත ,කකුල් දෙක,බෙල්ල….”

“හැම තැනක්ම ගැන ඇහුවේ.”

“මගේ පස්සත් මි…අහ්හ් අයියේහ්”

එයා අතින් මගේ අත මිරිකිලා යනකොට මට රිදුනේ එයා නිකන් මිරිකුව නිසා නෙමෙයි. මගේ ඇටකුටුත් කුඩු වෙලා යන තරමට එයාටත් නොදැනී මිරිකුන නිසා.ඒත් මට රිදෙනවා කියල මගේ කටි පනිනවත් එක්කම එයා මගේ අත ලාවට අල්ලන් පිරිමැද්දා.

“අයියේ මට සොරි.මම කලින් නොකියා හිටියට.මම බැලු…”

“ඒකට කමක් නැ.මට තේරෙනවා.මා සතුටුයි ඔයා පරක්කුවෙලා හරි මට කියන්න හිතපු එක.ඔයා මෙහෙම හරි මට ඕපන් වෙන එකම ලොකු දෙයක්.මගේ පුන්චි එකාගේ හිත හයියිනේ.”

“මොකද මේකට කරන්නේ?”

“මම මේ දේ බැලැන්ස් කරන්නම්.හ්ම්ම්?මම උදේම එලියට යනවා.ඔයා දවල් ගෙදර යන්න ලැස්ති වෙන්න.මම ඉක්මනට එන්නම්”

“කොහෙද යන්න?”

“…………………………………………………………………………………………………………………..”

“අයියේ?”

“……………………………………………………………………………………………………………………”

“ඔයාට රිද්දපු කෙනෙක්ට මම ඉන්න දෙන්නෙ නැ.ඔයා ඒක හොදටම දන්නවා.”

“අයියේ?ඔයා මොකක්ද කරන්න යන්නේ?මයෝන් හම්බවෙන්න එයා කියපු තැනටනේ යන්නේ?මාවත් එක්කන් යන්න.”

“නැ ඔයා……………”

“මමත් එක පාරයි කියන්නේ.තමුසේ මාව එක්කන් යනවා.එච්චරයි.නැත්තන් මම බලෙන්ම එනවා.තමුසේ මට හොරෙන් ගහන ගේම මටත් බලන්න ඕන.මොකද ඔව්වා දැකලා මේ හේශ් බයවෙන්නෙ නැ.මම මලෙන් උපන් කුමාරිකාවක් යැ.තමුසේ මාව එක්කන් නොගියොත් අයියේ අම්මපල්ල මම තමුසෙගේ වම්බට්ට දෙකට කපලා ඇට දෙක ඇබැරිලා යන්න…ම්ම්ම්”

“හා හරි හරි මගේ මැනිකව මම එක්කන් යන්නම්.ඒක උදේට බලමුකෝ.කෝ එන්න දැන්.හරියට නිදාගන්නත් නැ.සොම්බි වගේ ඇවිදිනව.”

“අහ්හ් දැන් කියන්නයන්නේ මම සොම්බියෙක් කියලද අයියේ?තමුසෙට මාව කැතටද දැන් පේන්නේ? දැන් ඇ‍යි ඔය නලල මිරිකගන්නේ?ඔය පෙන්නන හදන්නේ මම කියවන එක එපා වෙනවා කියලා.චිරායුවා කියපු දේ අහලා මට තිබ්බේ තමුසේ මගේ කරගන්න.එතකොට තමුසෙට මාව එපා වුනත් දාල යන්න බැනේ.කොහෙද තමුසේ එක්ක බැනේ අයියේ තමුසෙව අල්ලපිඋ ගමන් දුවනවනේ.ඉන්නවකෝ මේ දැන්ම මම තමුසේ මගේ……….අහ් කොන්ද කොන්ද….”

“මට කියලා කොන්ද කඩාගන්න හැටි අහගන්නේ නැතුව කට වහන් නිදාගන්න කේතුර්.කෝ මගේ කොටි පැටියා නිදාගන්න.”

“ඉව්ව්….අත ගන්න අයියේහ්…….”

“මට නිදාගන්න දෙන්න ලමයෝ.”

“මාව පුලුවන් නම් මිරිකිල මරපන් අයියේ….à·„à·Š.”

මාවත් යට කරන් මග ඇග උඩට ආපු එයා අපි දෙන්නම වැහෙන්න බ්ලැන්කට් එකත් දාල මගේ බෙල්ල අස්සේ මූන ගහන් ශර්ට් එකට උඩින් මගේ පපුව මිරිකලා ගත්තා.මම එකගේ පස්සට අත පුරෝලා එකක් දුන්නහම මාවත් කිටි කිටියේ බදන් නිදාගත්තේ එයත් එක්ක මාත් නින්දට වැටෙනෙකොට.

ඊලග දවසේ උදේම මාව තියලා පැනලා යන්න කියලා හිතලා ද කොහෙද මහමොලකරු අයියා එලාර්ම් තියලා තියෙන්නේ.ඒලාර්ම් එකටම නැගිටින මිනිහනේ. අන්තිමට මම කතාකරලා නැගිට්ටවගත්ත ටික තමා.එක්කන් යන්න බැ බැ කියලා කැගහන්න ගත්ත නිසා මම පූල් එකේ එජ් එකෙන් පනිනවා කියලා ඒකේ කෙලවරටම ගිහිලා ග්ලාස් වින්ඩෝ එකෙන් කකුල දාල එහාට පනිනවා කියලා පෙන්නනද්දි අයියා බයවෙලා වගේ හා කීවා.

හෙන එක වගේ රැගුවට එතන දැක්කහම මට ලෝකාන්තේ මතක් වුනා.වැටුන නම් කැලිත් නැ.අන්තිමට එයා මාව එක්කන් යන්නම් කියලා පොරොන්දු වුනහම තමා මම එතනින් ආවේ.හැබැයි එයා ලගට කිට්ටු වෙන ටිකට මාව ඇදලා ගත්ත එයා තැස් තැස් ගාල මගේ පිට මැද්දැවට දෙකක් දුන්නා.ඒ දුන්න පාරට තා පොඩ්ඩෙන් හාට් එකත් කටෙන් එලියට එනවා.අන්තිමට එයාගේ පපුවත් සූරලා, වලිත් දාගෙන, බ්‍රෙක්ෆස්ට් ඇරන් අපි දෙන්න එන්න ආව.

මයෝන් දාල තිබ්බ ලොකේශන් එකේ දාල තිබ්බ හොටෙල් එක වෙනුවට අපි ඇවිත් නතර කරේ වෙනමම තැනක.ඒක ගොඩක් පරණ බැන්ග්ලෝ එකක් වගේ තැනක්.මනුස්ස පරාණයක් ඉන්න පාටක් නම් තිබ්බේ නැ.

“අයියේ මයෝන් ලොකේශන් එක දාපු හොටෙල් එකට නෙමෙයිද යන්නේ?”

“මම ගේම් එකකට එන්ටර් වෙන්නේ මගේ ප්ලේ ග්‍රවුන්ඩ් එකක මිසක් අනුන්ගේ ග්‍රවුන්ඩ් එකක නෙමෙයි.අනික කේතුර් මම තාමත් කියන්නේ ඔයා මම එනකන් කාර් එකට වෙලා ඉන්න.”

“මං එන්නම්.”

එයා තාමත් ඉන්න කියන්නේ ඇයි කියලා මට හිතාගන්න බැ.ඒත් මම එන්නම් කියනකොට ඒ මූන තවත් ස්ට්‍රෙස් වෙන ගතියක් මට පෙනුනා.

“අයියේ?”

“මාව විශ්වාස කරන්න කේතුර්.ඔයා ඉස්සරහට දකින්නේ ඔයාගේ අකේන්ගේ දේකට අත තිබ්බොත් එයාගේ ඇග ඇතුලේ ඉන්න යකාව.ඒ දනින කෙනාත් මමම තමා.කිසිම වෙනසක් නැ.ඒක විතරක් මතක තියාගන්න.දැන් බැහැල එනවනම් එන්න.”

මගේ ඇස් දිහාම බලන් කියපු එයා වාහනෙන් බහිද්දි මම එයා දිහා බැලුවා.කාර් එක ඉස්සරහ ඉදන් මන් දිහා සාක්කුවට අත් දාන් බලන් ඉදපු එයා දිහා බලන් ඉදපු මම හුස්මක් පාත හෙලලා සපත්තු දෙකත් දාන් එලියට බැස්සා.එයා මගේ දිහාට බැල්මක් දීලා ඇවිදන් යනකොට මාත් එයා පස්සෙන් ඇවිදන් ගියා.මිදුලේ වාහනේ පාක් කරලා අපි දෙන්නා ඇතුලට යනකොට ගාර්ඩ්ස්ලා දෙන්නෙක්ම හිටියා වෙද්දි ඒ දෙන්නා අයිය එනකොට සැලියුට් කරනවා වගේ දෙයක් කරන්න හැදුවත් අයියා ඒ දෙන්නව අතින් නවත්තලා ඇතුලට ගියා.ඒ ගේ ඇතුලේ කැලි වලට කැඩිලා ගිහින් තියෙද්දි සිමෙන්ති , වැලි ගොඩවල්,දූවිලි,කම්බි කැලි අස්සෙන් ඉස්සරහට යන්න වෙනකොට මම ශර්ට් එකෙන් නහය වහගත්ත වෙද්දි අයියා මගේ අතකින් අල්ලගත්තා.

අපි දෙන්නා ඉස්සරහට යනකොට ස්පෙක්ස් දාපු අවුරුදු 25 ක 26 ක පෙනුමක් තිබ්බ මගේ උස මහත ම තිබ්බ පිරිමි ලමයෙක් අපි දිහාට ආව වෙද්දි එයා සර් දිහා බලලා මන් දිහා බලලා ආයෙත් අයියා දිහා බැලුවා.

“සර්?”

“ඇතුලෙද?”

“ඔව් සර්.”

“මොනාමහරි කීවද?”

“නැ සර්.අපි ලැප් එක චෙක් කරා.ඒකේ බැකප් තිබ්බා.තව පෙන්ස් වගයක් එක්ක චිප් වගයක් හොයාගෙන තියෙනවා.ඒ ටික අපේ කොල්ලෙක් චෙක් කරනවා.සර් මේ ?”

“එයාට එන්න ඕනේ කිව්වා.ඉට්ස් ඕකේ.යන්”

ඒ කොල්ලා අන්තිමට ඔලුව වනලා අපිට ඉස්සරහින් යනකොට අපි එයාගේ පස්සෙන් ගියා.ඇතුලට යනවා කියලා ගිය තැන තිබ්බේ පොලොව යටට වෙන්න.බේස්මන්ට් රූම් කියලා කියන ටයිප් එකේ කාමරයක් වුනත් ඒක අපි පහු කරපු ඒරියා එකට වඩා පිරිසුදුවට තිබ්බා කියන එකෙන් මට තේරුනේ මේක මීට කලින් පාවිච්චි කරලා තිබ්බ වගේ.පොඩි පඩිපෙලක් බැහැලා ආපුවහම තිබ්බ දිග හෝල් එක කලුවරටම පෙනුනත් ඒකෙ ඇවිත් දකුණට හැරිලා එනකොට ලා කහ එලියක් පේන්න තිබ්බා.හතර පස් දෙනෙක් හිටිය එතන මට පැහැදිලිව නොපෙනෙද්දි මම ඉස්සි බලන්න හැදුවත් අයියා මට හරස් වුනා.

එයා ඇදන් හිටපු ශර්ට් එකේ වැලමිට ගාවින් ශර්ට් එක අතින් එක පාරක් හදලා වොච් එක ගලවලා මගේ අතට දුන්නා.මම ඒකත් අතේ තියන් එයා දිහා බැලුවත් එයා මන් දිහාට බැල්මක් නොදී ඉස්සරහට ගියා.වටේ හිටපු අය ටිකක් එහාට මෙහාට වෙලා අයියට ඉඩ දෙද්දි එතන පුටුවක වාඩිකරවලා හිටපු කෙනා දැකලා මට දෙලෝ රත් වුනා.

මයෝන්

තොල් පට පැලිලා ගිහින් කම්මුලක් ඉදිමිලා තිබ්බ නිසා ඒ මූන විරූපි ගතියක් වෙලා තිබ්බත් අදුරගන්න බැරි වෙන්න අවුල් ගිහින් තිබ්බේ නැ.මම එයා දිහා බැලුවත් මයෝන්ගේ ඔලුව පහතට නැමිලා තිබ්බා නිසා එයාට මාව පෙනුනේ නැ.අයියා ගිහින් එයා ඉස්සරහ නවතිනකොට ඒ අඩි ඉස්සරහ එයාගේ බෙල්ල ඉස්සුනා.අම්බානෙට කාල හිටියත් මූන තැලිලා ගිහින් තිබ්බත් ඒකගේ කට කොනේ තිබ්බ අසික්කිත හිනාව නැතිවෙලා ගිහින් තිබ්බේ නැ.

“……………………ඕහ්…………….ආහ් අපේ අකේන් සර්.එහෙනම් ඔයයි මාව ඉස්සුවේ?චාහ් චාහ් කෝ බලමු එහෙනම් මගේ අයියා බබා ඉන්නවද කියලා…..චාහ්…..ආහ්…..ආව්….”

සමච්චල් හිනාවක් එක්ක කාමරේ නිහඩ බව අඩු කරපු එයා මගේ දිහාට හැරෙද්දිම අයියගේ අතක් ඒ මූන හරහා නහය දිගේ ගියේ ඌ පුටුවත් හොලවන් වැටෙද්දි වෙද්දි උගේ පිටිපස්සේ හිටපු එකා පුටු කකුල බැලැන්ස් කෙරෙව්වා.අයියගෙන් ඒ වගේ ප්‍රතිචාරයක් බලාපොරොත්තු නොවුන නිසාද මන්දා මම එක පාරම ගැස්සිලා ගියා වෙද්දි මම ඒ ඇස් දිහා බැලුවා.ඒ දිහා බලන්න බැරි තරම් කේන්තියකින් ඒවා පුපුරනවා.මයෝන් පැත්තකට වුනු බෙල්ලත් හරෝලා කාමරේ පුරා ඇස් ගෙනිහිල්ලා මගේ ගාව ඇස් නැවැත්තුවා.කට කොනේ හිනාවත් එක්ක මන් දිහාට තොල් උල් කරපු එයා ආපහු පුටු ඇන්දට හේත්තු වෙලා අයියාගේ මූන දිහා කෙලින් බැලුවා.

“ම්ම්හ්.කොහොමද අයියා බබා?හැපි බර්ත්ඩේ.කොහෙද ඉතින් ඔයා අපෙන් එන කෝල්ස් ආන්ස්වර් කරන්නේත් නැනේ.මම නැත්තන් ඔයාට හරියටම ඔයාගේ බර්ත්ඩේ එක දවසේ උදේ කෝල් එකක් ගත්තා.ඒ තමයි අපේ ලව් එක.ඒත් ඉතින් විශ් කරන්න වුනේ පරක්කු වෙලා.Too much late තමා.ඒත් දන්නවද පරක්කු වෙලා ලැබෙන දේවල් තමයිලු වැඩියෙන්ම වටින්නේ.මම මෙතනින් නිදහස් වුනම ඔයාගේ ජීවිතේට මම ආවහම ඒක හොදටම තේරෙයි.මම මුලින්ම හිතුවේ මේක ඔයාගේ වැඩක් කියලා අයියා බබා.කොහොමත් ඔයාට මේ ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් සැහෙන්න තියෙනවනේ?බලන් යද්දි ඔයාගේ suger daddy ගේ වැඩක්නේ.මේ නාකි පොන්නයා මේ කුණු කැලි දෙකක් විතර තියන් මාව බය කරන්න හැදුවට මම බය වෙයි කියල හිතනවද දන්නෙ නැ.”

“මිස්ටර් අකේන් එතනයි උබට වැරදුනේ.කුලියට මැරයෝ ඇරන් මට්ටු කරන්න පුලුවන් එකෙක් නෙමෙයි මම.උබ හොදටම දන්නවා මිස්ටර් අකේන් මම කවුද කියලා?මම මයෝන් වාගීශ්වර ගම්ලත්.ගම්ලත් මන්ත්‍රිතුමාගේ පුතා.මං නැ කියලා දැනගත්ත ගමන් අපේ තාත්තගේ මිනිස්සු මාව පිස්සු බල්ලෝ වගේ හොයනවා ඇති.දැන් මේ වෙනකොට උන් මම ඉන්න මෙතන හොයාගෙනත් ඇති.තමුසේ මේ කරපු ගොන් කම තව ටිකකින් උබටම තේරෙයි. උබ අද මෙතනින් පනපිටින් යයිද නැත්ද දන්නේ නැ.හැබැයි මම අද යන්නේ ෆුල් එකේ ත්‍රිල් එකේ.”

මයෝන් කිසිම බයක් නැතුව අයියගේ මූනටම කියලා දැම්මා.මයෝන් මන්ත්‍රී පුතෙක් කියලා මම දැනන් හිටියා.ඒකත් ඔය කියන ගම්ලතාගේ කියලා.මයෝන් ගැන හොද විදිහට හිතන් හිටපු කාලෙත් මම ඔය තඩි බඩාට මම කැමති නැ. ඇයි දන්නේ නැ.ඒත් දෙමව්පියෝ වෙනයි. මූ වෙනයි නිසා මම ඌත් එක්ක අව්ලක් නැතුව හිටියේ.අනික ඌ දේශපාලන බලය මගේ ඉස්සරහ පෙන්නලා නැ.ඒත් උන්ගේ තාත්තාගේ බලු වැඩ ප්‍රසිද්දයි.එහෙම වෙද්දි මට අයියා ගැන පොඩි බයක් ආව.මොකද එයාට එයාගේ බිස්නස් එකක්, සල්ලි භාගේ තිබ්බට ඔය මන්ත්‍රී කාරයන්ට අට පාස් නැතත් ඊට වඩා වටින බලේ තියෙනවා.ඒත් මයෝන් ගේ වචන ඉස්සරහ අයියගේ ඇහිපිල්ලමක් ගැහුනේ නැ.මන් හින්දානේ මේ ඔක්කොම.එහෙන් ඔලුව පුපුරන්න වගේ දැනෙනකොට මට අයියා ගැන බයක් හිතුනා.

“රයන්?”

“හරි සර්.”

එච්චරමයි එයා කිව්වේ.මට ඒ කිසිම දෙයක් නොතේරුනත් අපි හිටපු තැනින් එහා පැත්තෙන් දිස්නයක් එනකොට මම මුලින් ඇස් වහගත්තේ මේ කාමරේ දිස්නේ ඒකෙන් වැඩිවෙලා අපු නිසා.එතන බිත්තියේ තිබ්බ පත සයිස් ටීවී එක ඔන් වුනා.ඒකේ තිබ්බේ ගෙදරක සීසීටීවී footages වගයක්.ඒ ගෙදර පෙනුමෙන් අයියගේ ගේ තරම් විශාල ගෙයක්.ඒකෙ සමහර සීසීටීවී වල කවුරුත් කැප්චර් වුනේ නැතත් සමහර footages වල පොඩි ලමයෙක් එක්ක ගැනු කෙනෙක් හිටියා.ඒ ලමයා පැහැදිලිව නොපෙනුනත් දැකලා හුරුපුරුදු ගතියක් තිබ්බා.

“තමුසේ?තමුසෙට කොහෙන් ආව හයියක්ද?මේව……”

“ශ් ශ් මෙච්චර වෙලා මයෝන් වාගීශ්වර මහත්තයා ඇති තරම් කතා කලානේ.දැන් මගේ වාරේ.”

මගේ කන්වලට නුපුරුදු ඒ රළු කටහඩ මම ආසම කෙනාගේ වුනා.ස්පෙකස් දෙකත් එක්ක සාක්කුවලට ගිය අත් එක්ක හිටන් හිටපු එයාගේ තනි කලු ඇස් වල කිසිම බයක් තිබ්බේ නැ.

“මයෝන් වාගීශ්වර ගම්ලත්.වාසල ගම්ලත් මන්ත්‍රීගෙයි සුදීරා ගම්ලත්ගෙයි ලොකු පුතා.සදාශ්වර මණිමේකල ගම්ලත් කියන්නේ ඒ පවුලේ බාලයා.මේ Footages මේ මොහොතේ තමුන්ගේ ගෙදර ඇතුලේ සිසීටීවි.එතකොට තමුන්ගේ තාත්තා මේ වෙලාවේ ඉන්න එයාගේ දේශපාලන වැඩකට කොළඹ ගිහිල්ලා.මම හිතන්නේ නැ තව දවස් තුනක් යනකන් එයාල එක්කෙනෙක්වත් එයාලගේ නාස්තිකාර පුතා ගැන හොයාවි කියලා.මොකද…………..”

“එයාලගේ පුතා සතියකට යාලුවොත් එක්ක මීමුරේ යනවා.එහෙමනේ?ඔව් එහෙම තමා මේ මැසේජ් එකේ දාල තියෙන්නේ.ඒකත් හරියටම මම තමුන් උස්සන්න විනාඩි දහයකට කලින් සෙන්ඩ් වෙලා තියෙන්නේ.******හොටෙල් ක්ලබ් එකේ සීසීටීවී වල පැහැදිලිවම ඔයා ඉන්නවා මේ මැසේජ් එක සෙන්ඩ් වෙන වෙලාවේ.ඒත් සිහියෙන් නෙමෙයි.”

“එහෙම කොහොමද වෙන්නේ?මම එහෙම දෙයක් යැව්වේ…..නැ…..”

“ශ් ශ්.මම තාම කියලා ඉවර නැ.මම අකැමැතිම දේ මම කතාකරනකොට මැදින් පනින එක.මම ඔයා කතා කරනකොට Disturb කරේ නැනේ.So just fucking listen to me.ඔයා කිව්ව හරි.ඔයා ඒක යැව්වේ නැ.ඒත් ඔයාගේ ෆෝන් එකෙන් ඒක යනවා.ඔයාම යවන්න ඕනේ කියලා එකක් නනේ.මටත් යවන්න පුලුවන්නේ.”

“තමුසේ……අහ්හ්……..”

“Just shut up.”

“අයියෙහ්…”

මැදින් පැනලා ප්‍රශ්න කරන්න එපා කියද්දිම මයෝන් කැගහන්න ගනිද්දි අයියා ඒ පුටුවත් එක්ක විසිවෙලා යන්න එයාගේ මූනට දමලා ගැහුවේ මට එයාගේ නම සද්දෙටම මිමිනෙද්දි.මගේ දිහාට දැවෙන බැල්මක් දුන්න එයා ආපහු ඉස්සරහ බලාගත්තා.රයන් කියන කෙනා මන් දිහා බලලා සන්සුන් වෙන්න කියලා ඉගි කරද්දි තාමත් වෙන දේ ප්‍රොසෙස් කරගන්න බැරුව මම හිටියා.පුටුවත් එක්කම ආපහු මයෝන්ව කෙලින් කරාට පස්සේ අයියගේ අඩි සද්ද කාමරේ පුරා ඇහෙන්න ගත්ත.

“තමුන් මගේ වාහනේ tracking device එකකින් ට්‍රැක් කරේ කොහොමද ඒ විදිහටම මම තමුන්ගේ ෆෝන් එක ට්‍රැක් කරා.මේ වෙනකොට තමුන්ගේ ලැප් එකේ,ෆෝන් එකෙ තිබ්බ බැකප් වලින් හේශ්ට එවපු හැම ෆොටෝ එකක්ම අයින් වෙලා තියෙන්නේ.ඒ වගේම එයාට රිලේටඩ් හැම ෆොටො එකක්ම.මම හොදින් අහන එකම හා අන්තිම වතාව.මේ වගේ බැකප් වෙන තියෙන්නේ කොහෙද?තමුන් මේව කාටහරි යැව්වද?”

“තමුසේ හිතන්නේ තමුසෙට ඕන විදිහට මම ඒක කියයි කියලද?එහෙනම් හීන දැකපන් නාකි පොන්නයා.උබට ඔච්චරද කරන්න පුලුවන්?යකෝ මම උබේ ඇස් ඉස්සරහම හේශ්ව මට යට කරන්…..ආහ්……”

“තෝ මොකක්ද කිව්වේ ප# බල්ලා?”

“මාව ගැට ගහලාද තොට ගහන්න ඕනේ.කොන්ද නැති එකෙක් තෝ.කොන්දක් තියෙනවනම් මාව ලෙහෙපන්.උබේ ඇස් ඉස්සරහා මම උබට ගහලා ඌටත් ගස්සලා පෙන්නන්නම්.”

“ලෙහෙපන්”

“à·ƒ…ර්..?”

“මම තොට කිව්වේ මේකව ලෙහපන් කියලා.”

ඒ අත් වල මයෝන් ගේ ලේ.ඒ ඇස් වල රත අතේ තිබ්බ ලේ වලට වඩා රතුයි.එයාට එයාගේ පාලනයක් නැ කියලා මට දැනුන.ඒත් මගේ කකුල් පොලවටම ඇලිලා.රයන්ටත් කැගහපු එයා මයෝන්ව ලෙහන්න කීව්වා.බැමි ලෙහෙද්දි මයෝන් පුටුවෙන් නැගිට්ටා.දේව් වගේම රග්බි ටීම් එකේ හිටපු මයෝන්ට තිබ්බෙත් ඒ ජාතියේ හයිය හත්ති ඇගක් .ඒ හින්දා වැදිලා තිබ්බ පාරවල් සැර වුනත් තාමත් ඒ ඇගට හොද පණක් තිබ්බා.එයා පුටුවත් අල්ලන් නැගිටලා මන් දිහා බැලුවා.

“හේශ් ගැන තෝ මොනාද දන්නේ නාකියා?මොකුත් දන්නේ නැ.ඒ මගේ වේස බඩ්ඩ.මගේ යකෝ.තෝ ගාව දැන් හිටියත් ඒක ඊලගට මගේ.උබට පුක දෙන්න කලින් ඌ වෙන එවුන්ට ආතල් දුන්න එකෙක්.උබ හිතනවද ඌ උබටම පුක දීගෙන තියෙයි කියලා.ආහ්?යකෝ වේස බඩ්ඩකට ගැලපෙන්නේ වේසය……අහ්හ්හ්……”

“ඇයි ඇත්ත කියනකොට සර්ට රිදෙනවද?මගේ අයියා බබා කිව්වේ නැත්ද අපි දෙන්නා එදා කාමරේ ගත්ත ආතල් එක.තමුසේ මට යට වෙලා…..ආහ්…..මයෝන්….”

“තොට පිස්සුද බල්ලෝ?මම කවදද……අයියේ….”

එයා අත උස්සලා මන් කතාකරන එක නැවැත්තුවේ මගේ මිට මෙලවිලා තිබ්බ අතක නියපොතු පිටි අල්ලට කිදා බහිද්දි.
අයියාගේ පයින් පාරත් එක්ක බිමට වැටුනු ඌ බිත්තියක් අල්ලන් අමාරුවෙන් නැගිටින ගමන් මන් දිහා බලද්දි මම ඌව මරන් කන බැල්මෙන් බලන් හිටියා.

“මිස්ටර් අකේන් උබ කවුද යකෝ මාව උස්සලා මාව යටත් කරගන්න.උබ වගේ දෙකයි පනහ ගුරෙක් මම වගේ එකෙක්ට චැලේන්ජ් කලොත් වෙන දේ බලන් ඉදපන්..මම මයෝන් ගම්ලත් යකෝ.අපිව අවුස්සගත්තොත් තෝයි තොගේ පරම්පරාවේ එකෙක්වත් තව තප්පරයක් හුස්ම ගන්නේ නැ.පුලුවන් දෙයක් කරපියව්.කොහොමත් උබ තව හුස්ම ගන්නේ නැ වැඩි වෙලාවක්.මාව කන්ටැක්ට් නොවෙද්දි උන් මාව හොයා ගනීවි.එතකන් මට මගේ අයියා බබාව රමනයෙන් පිනවන විදිහ ගැන ඇති තරම් හිතාගන්න පුලුවන්…..”

“තෝ පුලුවන් නම් ආයේ කියපන්…..අහ්හ් කියපන් යකෝ…..පුලුවන් තොගේ කටින් මගේ එකාගේ නම කියපන්.”

“ආහ්….ආහ්….”

“වේස බඩ්ඩ කියලනේ කිව්වේ?ඌද වේසකම් කරේ තෝද?උබ මේ අතින් නේ ඌව ඇල්ලුවේ?ආහ් මේ අතින්නේ…..I just fucking break it apart.”

“ආහ්හ්හ්හ්හ්”

“හොදට දැනගනින් බල්ලා.I just fucking don’t do shares in love.තෝ වගේ ප#යෙක්ගේ බැල්මවත් මගේ කොල්ලට මම වැටෙන්න දෙන්නෙ නැ.බල්ලා.”

මයෝන්ව බිම පෙරලගත්ත අයියා එයාගේ කොලර් එකෙන් අල්ලන් එයාගේ කම්මුල් පුපුරලා යන තරමට හතර අතට ඒ කම්මුල් හරහා පාරවල් ගැහුවා වෙද්දි මට මතක් වුනේ එදා මට මයෝන් ගහපු කම්මුල් පාරවල්.ඒ වගේ දෙගුනයක් විතර සැරට ගහගෙන ගිහින් මයෝන්ගේ අතක් අඹරවලා පස්සට කරේ ඌ මර ලතෝනි දෙද්දි.කාමරේ හිටපු හැමොම මේ වෙන දේ දැකල පුරුදු දෙයක් ගානට බලන් ඉද්දි මම හිටියේ හිර වෙලා වගේ.

“තෝ මගේ එකාට නේ වේසයා.තොට කොහෙන් ආව හයියක්ද යකෝ එකට අත තියන්න.He is fucking belong to me.මමවත් නොරිද්දපු ඌට රිද්දන්න උබේ අයිතිය මොකක්ද ආහ්?කියපන්.බේසිකයා.”

“ආහ්….තෝ පරබලලා….”

“අහ්……අහ්හ………”

“සර් කොල්ලා මැරේවි.”

“කට වහපන්…..එහාට වෙයන්…..”

“සර්….ඒ….”

“I just fucking said it once.”

අයියගේ පයින් පාරවල් බඩට වැදිලා දරාගන්න බරි තැන ඌ පෙරලෙද්දි ඒ පාරවල් උගේ පශ්චාත් භාගේ පුපුරලා සද්දෙන් වැදුනා වෙද්දි මයෝන් හිටපු තත්ත්වේ එක්ක එයා මැරෙයි කියලා මට හිතුනා.එතන හිටිය හැඩි දැඩි මිනිහෙකට තියා රයන්ටවත් අයියව පාලනය කරගන්න බැරි වුනා.ඒත් එයාගේ පහරකැම් අස්සේ මයෝන්ට මොනාහරි වුනොත් අයියට බලපැමක් වෙනවා කියලා මගේ මොලේට යනකොට මගේ මෙච්චර වෙල හිර වෙලා තිබ්බ කකුල් එයා දිහාට ඇදුනා.

“අයියේහ්….”

“මගෙන් මැරුම් නොකා එහාට වෙනවා කේතුර්.”

“අයියෙහ්….අහන්න…..”

මාව අතින් පස්සට තල්ලු කරපු එයා ආපහු මයෝන්ට මතුරන ගමන් බනින්න ගනිද්දි මම එයාගේ ඉස්සරහට ගිහින් එයාව බදාගන්න ගමන් පස්සට කරේ එයා මාව තල්ලු කරන්න හදද්දි.එයාව කිටි කිටියේ බදාගත්තා මම එයාගේ පපුව උඩින් අත තද කරා.

“එහාට…..”

“Calm down අයියේ……මේ බලන්න….මං දිහා…ඔයාගේ කේතුර් දිහා…..”

මගේ දිහාට එයාගේ අවදානේ එනකොට මම අතකින් රයන්ට සන් කරා වෙද්දි අයියගේ ඇස් මගේ ඇස් අස්සේ නිවෙනවා පෙනුනා.මම එයාගේ පපුව අතින් අත ගැවා.එයා ටික ටික සන්සුන් වෙනවා කියලා මට දැනුනා.ඒත් එක්කම මම ඒ අත් අස්සේ කිටි කිටියේ හිර වුනා.මගේ ඔලුව මෙවෙලේ තිබ්බේ පුපුරන ගානට වගේ.එයා ලගින් එයාගේ සුවද නැවිත් ලේ සුවද එනකොට ආපු ඔලුව කැක්කුම මම අමාරුවෙන් දරන් හිටියේ.
එයා පාලනය වුනාට පස්සේ එයා කෙලින්ම බැලුවේ මයෝන් දිහා.තව වෙලාවක් අල්ලන් ගැහුවනම් ඌ මැරිලා වැටෙන්න තිබ්බා.එතන හිටපු අන්ත් මිනිස්සු දෙන්නා මයෝන්ව අල්ලන් වාඩි කෙරෙව්වා.ඒකව ගන්න දෙයක් නැ.ඌ අමාරුවෙන් පුටුව අල්ලන් ඉදියා.

“රයන්,අර වීඩීයෝ පෙන්නපන්.”

මාවත් එක අතකින් තුරුලු කරන් එයා කියද්දි මම බලන් හිටියා.ඒ ස්ක්‍රීන් එක උඩ කෙල්ලෙක්ගේ අපහැදිලි මූනක් එක්ක මයෝන් ඉන්න ඒ සෙක්ස් වීඩියෝ එකක් ප්ලේ වෙද්දි අයියා මාව පපුවට තුරුල් කරගත්තේ මගේ කන් දෙක වහන ගමන්.විනාඩි තුන හතරක් යනකන් මට වචනයක් නැහුනා.මට ඇහුන එකම දේ වෙනදට වඩා වේගෙන් ගැහෙන ඒ පපුව.විනාඩි ගානකට පස්සේ එයා මගේ කන් වලින් අත් ගත්තා වෙද්දි මයෝන් ගේ සද්දේ මගේ කන් පුරා පිපිරෙව්වා.

“තමුසෙට කොහෙන්ද ඒ වීඩියෝ?ඒක වෙන්න බැ.කොහොමත් ඒවා…..තමුසේ ක..වුද?

“ඇයි දැන් තමුන් නෙමෙයිද කිව්වේ මම දෙකයි පනහේ ගුරෙක් කියලා.ඒකත් මේ තමුසෙගේ දූවිල්ලක් තරම්වත් වටින්නේ නැති තැන.”

“මේක වෙන්න බැ.ඒ වීඩීයෝ එක කොහොම ද ?……”

“ඒක විතරක් නෙමෙයි.තමුසේගේ කලෙක්ශන් එකේ හැම වීඩියෝ එකකම Ascess දැන් මට තියෙන්නේ.මතකද හරියට මීට අවුරුදු දෙකකට උඩදි අවුරුදු 16 ක් වුන තමුන් කරදර කරපු ඒ අවුරුදු 15 ගැනු ලමයා.බාල අපරාදකාරයෙක් විදිහට පරිවාසේට යන්න ගිය හැටි අමතක නැතුව ඇතිනේ.”

“මොනවද තමුසේ කියන්නේ?”

“මේ දේ ගැන මට වඩා හොදට ඔයානේ දන්නේ මයෝන්.”

“තමුසේ කවුද?මේක වෙන්න බැ.මේ ද ගැන දැනන් හිටියේ අපේ පවුලේ අය ඇරුනහම…..රාජපක්ශ අන්කල්..නැ නැ එයා නෙමෙයි…වික්‍රමසිංහ……ඒත්……..එද හිටිය වයසක කෙනා………පඩිපෙලේදි……එයා….යුගාන් වික්‍රමසිංහ….යුගාන්…..අකේන් නැ ඒක වෙන්න බැ.අකේන් වික්‍රමසිංහ කියන්නේ යුගාන්…මට කොහොමද ඒක මග ඇරුනේ?”

“මාව තාමත් මතක තිබ්බ එක ගැන සතුටුයි.තමුන්ට මතක නැති වුනාට මම තමුන්ව දැක්කේ මීට අවුරුද්දකට උඩදි.තමුන් එදා බැන්ග්ලෝ එකේදී මගේ මූන නොදැක්කට මම හොදට ඔය මූන මතක තියාගත්තා.තමුන් අතින් අනාත වෙන්න ගිය ඒ ගැනු ලමයා මගේ කකුල් දෙක ලග වැටිලා නොඅඩන්න මම තමුන්ගේ තාත්ත එක්ක මගේ සීයට තියෙන කනෙක්ශන් නොහිතා තමුන්ව හිරෙට බල්ලෙක් වගේ ඇදන් යන්නේ.ඒ කෙල්ල තමුසේ වගේ එකෙක් අතින් බේරුනේ වාසනාවට.උබ හිතන් හිතපු දේ එදා වුනානම් මම උබව හිරේ ලග්ගලා පස්ස බලන්නේ.උබ ඒ කෙල්ල නිසා,ඒකි උබට තියෙන ආදරේ නිසා බේරුනා.මම එදා ඉදන් බලන් හිටියා.උබ වෙනස් වෙනවා කියල හිතෙනකොටයි මම උබට හැදෙන්න අවස්තාවක් දෙන්න උබව ප්‍රිෆෙක්ට් එකට ගත්තේ.උබ හැමෝටම හොද නම පෙන්නලා රැවැට්ටුවා.උබේ බලු ගති නැතිවුනේ නැ.උබේ ජීවිතේ ඊලග හැම පියවරකම් මම නෙමෙයි උබම තීරනේ කරපන්.”

“උබව මරන්නෙ නැ මන්.මොකද පසුතැවීමක් උබ එනකන් බලන් ඉන්නවා.උබ වෙනුවෙන් බලන් ඉන්න අහින්සක අම්මෙක් ඉන්නවා.මම උබවගේ පව් කාරයක් නෙමෙයි.ඒත් උබ ආයේ මගේ එකා දිහා ඇහැක් ඇරලා බැලුවොත් උබට ඇස් දෙකකම නැති කරන පව්කාරකම කරන්න මම දෙපාරක් හිතන්නෙත් නැති වෙයි.ඒක මතක තියාගනින්.උබ රගපු හැම රැගුමක් මන් ගාව තියෙනවා.”

“කොටින්ම අපේ රූම් සර්විස් එකට එවපු කෙල්ල,ඒකිගේ පෙන්ඩන්ට් එකේ කැමරාව වගේම ඒකි එක්ක උබ රගපුවත් මම ගාව තියෙනවා.දැන් උබ මම කවුද කියලා දන්නවනේ.මන් ගැන අහලත් ඇතිනේ.මගේ සීයා හින්දා ගම්ලත් මන්ත්‍රී අද ඉන්නවා වුනත් මට තමුසෙලගේ ෆැමිලි එක පාතට දන්න යන්නේ තප්පර ගානයි.ඒ වික්‍රමසිංහ නිසා බේරුනාට මාත් එක්ක සෙල්ලම් කරලා උබලට බේරෙන්නෙ බැ.විශේශෙන් ම මගේ පනට අත තියලා.උත්සහ කරපන්.උබගේ මහන්තත්තකමත් එක්ක උබ පහලටම වැටෙයි.උබ අද බේරුනේ උබේ අම්මයො මගේ කොල්ලයි නිසා.ඒක මතක තියාගනි…….කේතුර්..”

මන් මාවම අල්ලන් ඉදපු තරම ඉවරයි.ඒ අත අස්සෙ මට තවත් දරන්න බැරි කොට මගේ කකුල් පන නැති වුනා.ඒ දරදඩු අත් මාව තදින් අල්ලගත්තා.මට ප්‍රශ්නයක් නැ කියලා කියන්න හැදුවත් එයා මාව එතනින් එක්කන් ආව වෙද්දි රයනුත් අපි එක්ක එලියට ආව.මම ප්‍රශ්නයක් නැ කිව්වත් එයා මාව පුටුවකින් වාඩි කරවලා මගේ මූනෙන් ඇල්ලුවත් ඒ අත් වල තිබ්බ ලේ මගේ මූන ගැවෙන කොට එයා බයෙන් වගේ ගැස්සුනා.එයා පස්සට වෙද්දි මම ඒ අතින් අල්ලගත්තා.

“අයියේහ?”

“නැ මම…………”

“අයියේ මොකද…”

“මේ බලන්න මම හොදින් මුකුත් ප්‍රශ්නයක්…..”

“රයන් කේතුර්ව හොටෙල් එකට ගිහින් දාන්න”

අයියේ

“මම තමුසෙට රිද්දෙනව මගේ මැනික.මාව දාල යන්න.උබ මගේ ඇස් වලට නොපෙනි පැනගන්න. උබව බය කරා රිද්දනවා.උබ මට බය වේයි.මගේ ඇතුලේ ඒ යකා උබව බය කරාවි .මම උබට ආද….”

“අයියේ?”

“රයන් එක්කන් පලයන් පරිස්සමින් එක්කන් පලයන්.”

“අයියේ මන් කියන එක…”

“සර් යන්”

එයාවඅම අල්ලන්න හැදුවත් එයා ඇතට යනකොට මට යන්න බැරි තරම් ඇතට යනකොට රයන් මාව එක්කන් එන්න ආව.ආවේ කොහොමද මන්දා.එයා හිටපු විදිහට මට එයාව දාල එන්න ඕන නොවුනත් එයා ගාවට මට යන්න බැරි වෙනකොට මම රයන්ගේ පස්සෙන් ආව.දෙපාරක් තුන් පාරක් වැටෙන්න යනකොට මට දැනුනා රයන් මාව අල්ලගත්ත විත්තිය.කොහොම ආවද මන්දා.මම අන්තිමට හිටියේ අපි ආව කාර් එකේ.මගේ දිහාට දික් වුන වෙට් ටිශූ දිහට බැලඅක් දුන්න මම ඒක ගත්තා.මගේ මූන හැම තැනම ලේ .ඇග පුරා දූවිලි.වචනයක කතාබහක් නැතුව රයන් වාහනේ ඩ්‍රයිව් කරන් යනකොට මම මූන පිහිදන් හිටියා.අයියගේ කාර් එකේ මගේ බේත් තියෙනවා කියලා දන්න නිසාම මම හිස් බඩටම ගැස්ට්‍රික් වලට තිබ්බ බෙහෙත් බිව්වේ මගේ බඩේ දැවීල්ල වැඩි නිසා.

මගක් එනකොට මන් දිහාට රයන් කියන කෙනා බැල්මක් දෙනවා මම දැක්ක වෙද්දි එයා මං දිහා බලලා කාර් එක නැවැත්තුවා.අපි දෙන්නා අතර විනාඩි පහක් යනකන් කතාවක් නොවෙද්දි මම එයා දිහා බැලුවා.එයාගේ අතේ හැමතිස්සෙම තිබ්බ ටැබ් එකේ එයා මොනාද ටයිප් කරලා මගේ දිහාට දික්කරා.මන් එය දිහා බැලුවහම එයා මට ඒක ගන්න කියලා ඉගි කලා.ඒකේ ඩිස් ප්ලේ එකේ තිබේ වික්‍රමසිංහ ගෲප් කියලා එකක්.overlap වෙලා තියෙන ww කියන ලෝගෝ එක…….මට මේක හොදට මතකයි. මම මේක කලින් දැකලා තියෙනවා.ලංකාවේ තියෙන ප්‍රමුඛ පෙලේ කම්පැනි පහ අතරේ තියෙන කම්පැනියක්.

“වික්‍රමසිංහ ගෘප් එකෙ පටන් ඇරන් මම හිතන්නේ දැන් අවුරුදු 175 කට කිට්ටුයි.ලියා මැඩම් ,ඇන්ඩෲ වික්‍රමසිංහ කියන සරුයි මැඩමුයි තමයි මේ කම්පැනි එක පටන් ගත්තේ.France වලින් develop කරපු කම්පැනි එක එයාල ඇන්ඩෲ සර්ගේ රට ඒ කියන්නේ අපේ ලන්කාවෙ spread කලා.මුලින්ම එයාල මෙහේ කරේ NGO service එකක්.එයාලගේ ෆ්‍රාන්ස් බිස්නස් වල ප්‍රොෆිට් එකේ කොටසකින් එයාල ඒක කරන් ගියේ.පහු කාලීනව එතන ඉදන් එක එක අතට එයාල බිස්නස් එකක් develop  කලා.කන්ස්ට්‍රක්ශන් සයිඩ් එකෙන් පටන් ගත්ත බිස්නස් සයිඩ් එක අද වෙනකොට කන්ස්ට්‍රක්ශන්,සුපර් මෝල්,ෆැශන්,ස්කූල්,ශොපින් මෝල්,ක්ලබ්ස්,හොස්පිටල් වගේ දේවල් එක්ක expand වෙන්න පුලුවන් හැමතැනක්ම රීච් කරලා තියෙන්නේ.මේ developing rate  එක තව ටිකක් වැඩි කලොත් අපිට තව අවුරුදු දෙක තුනකින් ලන්කාවේ අංක එකේ ස්ටේබල් වෙන්න පුලුවන්.”

“කම්පැනි එක මීට අවුරුදු තුනකට උඩදි වැටුනා.ඒ ඩවුන් එක නිසා තාම අපිට ඒ ප්ලේස් එකට රීච් වෙන්න අමාරු.ඒත් බිස්නස් foreign countries වල expand  එකත් එක්ක දැන් දැන් බිස්නස් එකේ stability එක වැඩියි.අපේ සමුහ ව්‍යාපාරය  ජපන්,ඉන්ගලන්ඩ්,ඇමරිකා,ඔසීවල spread වෙන්න ඇරන් තියෙන්නේ.ෆ්‍රාන්ස් වලයි ලන්කාවේයි තමා අපේ හෙඩ් කම්පැනි තියෙන්නේ.පැරිස් කම්පැනි එක භාරව ඉන්නේ අපේ චේයාර්මන් සාලිය වික්‍රමසිකංහ.එතකොට ලංකාවේ කම්පැනි එක භාරව ඉන්න අපේ පොඩි සර් මින්දද වික්‍රමසිංහයි අපේ ලොකු සර්……………………..”

“අකේන් යුගාන් වික්‍රමසිංහයි

“හ්ම්ම්”

ටැබ් එකේ නැවතිලා තිබ්බ ෆැමිලි ට්‍රී එකේ එයාගේ ෆොටෝ එක උඩ ඇගිල්ල නතර කරන ගමන් මම කිව්වා.තනි වචනයෙන් කියනවනම් එයා තමයි ඊලග උරුමක්කාරයා.පලවෙනි වතාවට සතුටු හිතෙන්න ඕන වුනත් මට ලොකු දුරක් දැනුනා.එයයි මාවයි මගේ හිත ඇතුලේ සන්සන්දනය වෙන්න ගත්තා.මට දැනුනේ මම මිරිගුවක පස්සේ යන හැගීමක්.එයයි මමයි?

“සර්?”

“සර්”

“අහ්හ්හ්?”

රයන් කියන කෙනා මගේ දිහාට දික්කරපු වතුර බෝතලෙන් උගුරු දෙකක් බිව්ව මම වතුර එකේ මූඩිය තද කරලා එයාට දුන්නා.

“ආර් යූ ඔකේ සර්?”

“හ්ම්ම්”

“මට දැනෙනවා සර්ට දැනෙන දේ.”

“ඒ කියන්නේ?”

“සර්ට අපේ ලොකු සර්ව දුරයි වගේ දැනෙනවනේ.ඒ හින්දමයි යුගාන් සර් මේ ගැන සර්ට කලින් නොකියා හිටියේ.ඒත් මම මේ ගැන කිව්වේ සර් මේ දේ දැනගන්න ඕනේ කියලා හිතලා.මන් හින්දා සර් අවුල් ගියානම් සොරි.”

“………………………………………………………………………………………………………..”

“කේතුර් සර් මේ ගැන හිතනවා කියලා දන්න නිසා තමයි සර් මේක නොකියා හිටියේ.”

“මට සර් කියන්නේ ඕනේ නැ.මම ඔයාගේ සර් නෙමෙයිනේ රයන්.”

“ඒත් සර්,අපේ සර්ගේ බෝයෆ්‍රෙන්ඩ් නේ.යුගාන් සර් දැනගත්තොත් මට බැනුම් අහන්න වෙයි.”

“එහෙම ප්‍රශ්නයක් නැ.මට හේශ් කියන්න.රයන්ගේ වයස?”

“25 යි.”

“එහෙනම් මම රයන් අයියා කියන්නම්.මට මල්ලි කියන්න.සර් කැලි නම් එපා.”

“ඒත්……..සර්………කියන දෙයක්.”

මම රයන් දිහාට හිනාවක් දීලා ආපහු ටැබ් එකේ තිබ්බ එයාගේ ෆෝටෝ එක දිහා බැලුවා.

“මායි ඔයාලගේයි සරුයි ගොඩක් ඇතැයි නේද රයන් අයියේ?”

“සල්ලි වලින් නම් මම හිතන්නේ සර්ගේ හිතේ තියෙන දුරක ඇතින් ඉදියත් හදවතින් සර්ලා දෙන්න හරි ලගයි.”

“…………………………………………………………………………………………………………..”

“අපේ යුගාන් සර් à·ƒ…හේශ් මල්ලිට පන ඇරලා.මම දන්නවනේ.මම බොරු නම් කියන්නේ ස‍ර්ගේ ලැප් එක බලන්නකෝ.tiger cub කියල ෆෝල්ඩර් එක පිරෙන්නෙ තියෙන්නේ මල්ලිගේ à·ƒ පුන්චි කාලේ ෆොටෝස්,සර් ඔයාව මීට් වුනාට පස්සේ ගත්ත ෆොටෝසුයි.මම අනන්තවත් දැකලා තියෙනවා සර් ස්ක්‍රෝල් කර කර ඒවා බලනවා.මම හේශ් මල්ලි ගැන දැනගන්නේ මීට අවුරුදු 5 කට කලින්.මම හැදෙන්නේ වික්‍රමසිංහ ගෲපප් එකේ අනාත නිවාසෙක.එකේ හැදිච්ච මාව හවුස් එකෙන ඇරන් කම්පැනි එකේ වැඩට ගත්තෙ අකේන් සර්.එදා ඉදන් අද වෙනකන් මම සර් එක්ක ඉන්නේ.මම සර් එක්ක රට ඉදපු කාලෙම තමයි මට කේතුර් කියලා පොඩි ලමයෙක් ගැන හොයන් න භාරවුනේ.එද ඉදන්මීට අවුරුද්දක් උඩ වෙනකන් ඒ කියන ලමයව සර් හෙව්වා.ඒ කේතුර්  හම්බෙනකන් සර් හැම දවසක්ම බලන් හිටියා.”

“සර් මට වචනෙන් ඒ කෙනා සර්ගේ කවුද කියල නොකිව්වත් හොරෙන් බලන ඒ පොඩී එකාගේ පින්තූර,හැමදාම හම්බෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නකොට හොයන කෙනාසර්ග්ව්ව් ජීවිතේ කොතනක ඉන්නවද කියලා එයා සර්ගේ ජීවිතෙ කවුද කියලා කියන්න සර්ගේ වචන මට ඕනෙ නැ.ආත්මෙකට හිනා නොවෙන අපේ සර්ට මල්ලිගේ මූන දැක්කත් ඇති හිනාවක් ඇදෙන්නේ.අපේ සර් මල්ලිට පන ඇරලා.මගේ පොඩී එකා,මගේ කේතුර් කියලා සර් අතින් මාත් එක්ක කතා කරද්දි කියවෙනකොට ඒ ඇස් වල ඒ ආදරේ තියෙනවා.”

“අද වෙච්ච සමහර දේවල් එක්ක,අපේ සර්ගේ හැසිරීම එක්ක හේශ් මල්ලි කන්ෆියුස් වෙලා ඇති.ඒත් මල්ලි ෆේන්ට් වුන දවසක අපේ පිටින් සර් යවන තරහක් දැක්ක නම් සර් ඔහොම පුදුම වෙන්නෙ නැ.එදාට සර් වටේ ඉන්න එකෙක් කිඹුහුමක් යවන්නේත් නැ.අද මල්ලිට වෙච්ච දේ නිසා සර් ඔච්චර තර ගත්තේ .අද නොවුනත් මල්ලි සර්ගේ මේ සයිඩ් එක දැනගන්න ඕනේ.සර් තමන්ගේ බලය අතට ගන්නේ අසාදාරනයක් වෙන තැන,තමන්ගේ කෙනෙක්ට රිදෙන තැන.ඒත් කීසිම දවසක සර් මිනී මරලා නැ.ඒත් සර්ට පන වගේ ආදරේ කරන කෙනෙක්ට රිද්දපු කෙනෙක් ලේසියෙන් අතරින්නෙත් නැ.අපේ සර් සෙල්ලන් කරන විදිහ වෙනස්.එයා වැරදිකාරයන්ගේ හෘද සාක්ශිය එක්ක සෙල්ලම් කරන්නේ.එතකොට වැරදිකාරයාගේ දඩුවම එයමයි තීරනේ කරන්නේ.”

“යුගාන් සර් කොයි තැනක ඉදියත් මල්ලිට  සර්ට ආදරෙයි පනට වඩා.මම ඒක හොදටම දන්නවා.ඒත් මම දෙයක් කියන්නම්.සර් වගෙම මල්ලිත් ශක්තිමත්ව ඉන්න ඕන.මොකද අපේ චෙයාර්මන් කියෙන්නේ හරිම වෙනස් කෙනෙක්.එයා හරිම ගුප්තයි.සර් චෙයාර්මන් එක්ක තියෙන සම්බන්දේ එච්චර හොද නැ.අනික චෙයාර්මන් මේ වගේ සම්බන්දකම් ගැන වෙනම අදහසක්.එයාට ඕනේ යුගාන් සර්ගේ උදව්වෙන් බිස්නස් expand  කරන්න.යුගාන් සර්ගේ වර්කින්ග් ස්ටයිල් එකට ගොඩක් කම්පැනි කැමතියි.ඒ නිසා චෙයාර්මන්ට ඕනේ යුගාන් සර්ව පාලනේ කරන්න.ඒ හින්දා පරිස්සම් වෙන්න.සර්ව අතාරින්න හිතන්නවත් එපා මල්ලි..එච්චරයි මට ඉල්ලන්න තියෙන්නේ.මොකද කේතුර් තමයි සර්ගේ දැන් හැමදෙම.කම්පැනි එක වුනත් සර් කරන්නේ සර්ගේ දෙමව්පියෝ,එක මත යැපෙන අය ගැන හිතලා විතරයි.”

එයා එහෙම කිව්වහම මම ඔලුව වැනුව.එතනින් එහාට හොටෙල් එකට එනකන්ම අපි දෙන්න එක එක දේවල් කතා කරද්දි මම ඒ නෝට් පැඩ් එකේ කම්පැනි එක සම්බන්ඩ රිලේටඩ් හැමදෙයක්ම කියෙව්වා.එයගේ වත්කම් වල තිබ්බ බින්දු ගානවත් මට කියවගන්න බැරි වෙනකොට මට ඇත්තටම හිතුනේ බයක්.මාසෙට බින්දු පහක් වත්  නැති පඩියක් තියන අපිට බිලියන්පතියෝ පැහෙයිද කියලා.

හොටෙල් එකට ආපු ගමන් මාව බස්සපු  රයන් ට ආපු කෝල් එකෙන් පස්සේ එයා මට ගෙදර යන්න ලැස්ති වෙන්න කිව්වා.අයියා එනවද ඇහුවත් රයන් අයියා මාව එක්කන් යන්නම් කියලා කීව්වේ.අනේ මේ මට නම් බැ.එක්කන් ආපු එකා එක්කන් යනකන මම අඩියක් තියෙන්නේ නැ කියලා රයන් කාරයටත් බැනලා මම කාමරේට ආව.ඇයි මගුල.එක පාරටම මොන මලහොල්මනක් වැහිලද මන්දා.එක්කන් යන්න එනකන් හොටෙල් එකෙන දොට්ට දැම්මොත් දොර ගාව හරි ඉදන් ඉන්නව කියලා එන්න ආව.

හොටෙල් එකෙන් දපු දොට්ටක් නැ.ඒත් උදේ එහෙන් ආවට අස්සේ මගේ කෝල් වලට අයියා ආන්ස්වර් කරේ නැ.කොයිවෙලේ හරි මාව හම්බවෙන්න එයිනේ.එතකොට මම ඕකගේ වම්බට්ට කපලා හදලා දෙනවා ෆෝන් එකක්.එතකොට එකට ගනිද්දිවත් උස්සයිනේ.ආහ් මුගේ ඇට දෙක තලන්න හිතෙනවා මගුල අප්පා.

එයා රැ වෙනකන් නාව වෙද්දි මට කන්න පිරියක් නැති නිසාම මම දවසම කරේ වික්‍රමසිංහ ගෲප් එක සම්බන්දව තිබ්බා ආර්ටිකල් නෙට් එකෙන් හොයාගෙන කියවපු එක.රයන් නොකියපු සමහර් දේවල්,එයාලගේ වියාපාර ජාල ගැන මට ගොඩක් විස්තර ලැනුනා.එච්චර  දේවල් තියන මෙයා ටීචින්ග්වලට ආව එකම පුදුමයි.මන් වගේ මෙලො ලබ්බක් නැති කොල්ලෙක්ගෙන් අයියා හොයන්නේ සරලකමද කියල මම දන්නෙ නැ.ඒත් සල්ලිවල බර ඔලුවට දැනෙනකොට නිදහසක් නැ කියලා මට තේරුනේ මගේ ඇහ පිය වෙනකොට.

එක දිහට වැදෙන ෆෝන් එකත් එක්ක මම ඇස් ඇරියා.ෆෝන් එකේ අයියගේ කම්පැනි එක සම්බන්දව දේවල් බල බල ඉදපු මට දන්නෙම නැතුව නින්ද ගිහිල්ලා.එයා එනකන් දහය පහුවෙනකන් හිටියයා වෙද්දි එයා නැතුව කන්න පිරියක් නැහි කොට මම රැටත් කැම එපා කියලා හොටෙල් එකට ඉන්ෆෝර්ම් කරා.සෝෆා එකෙම නින්ද ගිහින් හිටපු මම සෝෆා එක අස්සේ තිබ්බ ෆෝන් එක නිදිමතෙම කනේ තියාගත්තා.

“හලෝ”

“හේශ් මල්ලි”

හේශ් මල්ලි?

මම එහෙම්මම ෆෝන් එක කනෙන් ඇරන් බැලුවා.රයන් .එයාගේ කටහඩත් එක්ක මම මූන අතකින් පිහිගන්න ගමන් සෝෆා එකේ ඉදගත්තා.

“අයියේ?”

“මල්ලි දොර අරින්න පුලුවන්ද?….කේතුර්….මගේ යකෝ….කියපන් රයන්….මගේ පණ ….ගාවට එක්කන්…..

“ඔහොම ඉන්න අයියා.”

රයන් අයියගේ වොයිස් එක අතරින් අයියගේ කටහඩ ඇහෙද්දි කලබලෙන් නැගිට්ට මම ෆෝන් එක කට් කරලා සෝෆා එකට විසි කරන ගමන් දොර ගාවට ගියා.රයන් අයියගේ කර වටින් ගිය අතකිනුයි බිත්තියෙන් අල්ලන් හිටපු අතකිනුයි අයියා කෙලින් වෙලා ඉද්දි මාව දැකපු ගමන් එයා ඇස් දෙක හීනි කරලා මන් දිහා බැලුවා.ඒ බලලා ආපහු රයන් අයියා දිහා බැලුවා.

“රයන්?අපි දිව්‍යලෝකෙ ආවද?”

“ඇහ්?නැ සර්.ඇයි එහෙම ඇහුවේ?”

“මගේ සුර දූතයා ඉන්නවනේ.මගේ කේතුර්,මගේ පන, මගේ මැනික,මගේ ගෙදර my everything මගේ ඉස්සරහ ඉන්නවනේ.”

“ආහ් ඔව් ඔව්.ඒ කේතුර්…..”

“සුවදයි.කේතුර්ගේ සුවදමයි.ඒත් මම අපායේ ඉදන් දිව්‍යලෝකෙට ආවේ කොහොමද?අපි අපායෙනේ ඉන්නේ.මම  නරකයි.අද මම මගේ කේතුර්ව බය කරා.මම අපායේ ඉන්න ඕනේ.එතකොට මේ සුරදූතයා කොහොමද මෙතන ඉන්නේ?අපි දිවයලෝකේ ආවේ කොහොමද?”

“ඔයා දිව්‍යලෝකේ ආවේ නැ.මම ඔයාව හම්බෙන්න අපායට ආව.මෙන්න මෙහෙ එනවා අයියේ.”

අලි පතාක යෝදයෙක් එක කරකින් උස්සන් ඉන්න පුලුවන්ද?ඒ අස්සේ දිව්‍යලෝකේ අපාය මගුලක් අහනවා.කෙලින් හිටගන්නත් බැ මෙතන. රෙද්දක් අහනවා.මෙන්න මේ වෙලාවට තමා දිව්‍යලෝකේ ගිය අලියගේ නැට්ටේ එල්ලලා මේ මිනිහව දිව්‍යලෝකේ යවන්න හිතන්නේ.එතකොට අලිය දාන බෙට්ටක් කැවිලවත් මොලේ පැදෙයිනේ.අලි පුපක් තියන් ඉන්න නිසාද කොහෙද මේකට හෙන අලි ඔලුව.අද මම තමුසෙව පට්ට ගහනවා අයියේ.රෙද්ද.

මට කියන්න හොද මගුල් ආවත් රයන් කාරයා බය වුනොත් නූල් බදින්න වෙයි කියලා කරබන් හිටියා.සුවදයි ගාගෙන මගේ බෙල්ලේ අස්සේ රින්ගපු එකා දිව්‍යලෝකේ මන් ආවේ කොහොමැයි  ගාගෙන රයන් කාරයාට බර වුනා.අන්තිමට මමයි රයන් අයියයි දෙන්නම අයියව සෝෆා එකෙන් ගෙනත් දැම්මා.ඒක දපලා සෝෆා එකට වැටුනහම මම පයින් එකක් දුන්නම ඒක අනිත් පැත්ත හැරිලා පුප උඩ දාගෙන බුදි.මම අත දිග ඇරලා පස්සට හයියෙන් පාරක් දීලා පස්සේ හැරිලා බලද්දි රයන් කාරයා ඉන්නවා මලමෝහිනි වගේ බයවෙලා.දැන් මතුරන්න වෙයිද දන්නේ නැ.පිරිත් පැන් නම් නැ.පූල් එකේ වතුර තමා මතුරලා දෙන්න වෙන්නේ.මම කන්න වගේ බලන් ඉන්නවා තේරිලද කොහෙද ඒකා අනිත් අතේ තිබ්බ බඩු ටික මේසේ උඩින් තිබ්බා.

“මල්ලි රැට කාලත් නැ කියලා සර්ට ඇහිලා මල්ලි කතාකරපු වෙලේ.ඒකයි එන මගට කැම එකක් ඉල්ලුවේ.හිතේ අවුලට සර් ඩ්‍රින්ක් එකක් ගත්තට ඔය හිටියට දවසම සර්ත් මොකුත් කාල නැ.පුලුවන් නම් මල්ලි මේ පිල් දෙක සර්ට පොවන්න.සර්ට නැත්තන් උදේ ඔලුව කැක්කුම එනවා.”

“සර්ගේ නගින ඒවා මම බස්සවන්නම්කෝ.”

“මල්ලි මොකක් හරි කිව්වද ?”

“නැ මොකුත් නැ.අයියා දැන් ආපහු යන්නේ මොකේද?”

“ටැක්සි එකක් දාන් යනවා.”

“කාර් එක ඇරන් යන්න.හෙට උදේම ඒක ගේන්න. ටැක්සි මේ වෙලේට හොයාගන්න අමාරු වෙයි.මෙයා ඇතුලට එක්කන් එද්දි හොටෙල් එකේ අවුලක් වුනේ නැද්ද?”

“ආහ් නැ.සර්ව මෙහෙ අය අදුනනවා.සර්ට මේ හොටෙල් එකට කනෙක්ශන් තියෙනවා.මන් යන්නම් මල්ලි.”

“හ්ම්ම්.”

රයන් ගියාට පස්සේ මම දොරත් වහලා ලොක් කරලා සෝෆා එක ගාවට ආව.අයියා ශර්ට් එකේ බොත්තම් දෙකක් ඉතුරු වෙන්න ඔක්කොම ගලවගෙන නිදී.මම ඒ ඒ කකුලට තට්ටුවක් දැම්මා.කොහේ නැ.බැරිම තැන මම ඒ අතක් හෙලෙව්වා.

“අයියේ නැගිටිනවා.හඩ්ඩ වගේ දපලා බුදි.”

“අයියේහ්…ආහ්….”

මගේ දිහාට භාගෙට පිය වෙච්ච ඇස් ඇරන් බලන් හිටපු එයා මගේ අතකින් ඇදලා ඇරන් මාව සෝෆා එකේ පෙරල ගත්ත වෙද්දි මම ඇස් දෙකත් ඒ ලොකු කරන් එයා දිහා බලන් ඉද්දි එයා මගේ නලලේ ඉදන් එයාගේ ඇගිල්ල මගේ මූනේ හැමතැනකම ඇරන් ගියා.

“ඒම්බර් ඇස්.මගේ කේතුර්ට තමා ලස්සනම ඇස් තියෙන්නේ.දිග නහය.මගේ කේතුර්ට තමා ලස්සනම  නහයත් තියෙන්නේ.දිග ඇහිපිහාටු.ඒවත් ලස්සනයි.මගේ කේතුර්ගෙනේ.එතකොට ඇහැ යට තියෙන මේ ලපේට තමා මම ආසම.ඒක හින්දා කේතුර් තවත් ලස්සනයි.මගේ කේතුර්ට තියෙන්නේ සිනිදු කම්මුල්.හිනාවෙනකොට ඒවා මෙන්න මෙහෙම වල ගැහෙනවා.එතකොට මම ආසම ඒ වලවල් ඉබින්න.මගේ කේතුර්ගේ තොල්.මගේ විතරයි.එයාගේ තොල් මාව ඉබිනවා.එතකොට මගේ කේතුර්ගේ බෙල්ලේ මේ වගේම ලප පහක් තියෙනවා.මෙතන එකයි….දෙකයි………”

“ආහ්….මිරිකන්න එපා….අයියෙහ්…”

මූන පුරා ඇගිල්ල ගෙනිච්ච එයා මගේ බෙල්ල දිගේ ඇගිල්ල ඇරන් ඇවිත් පපුව දිගේ ඇගිල්ල ඇරන් ආව වෙද්දි ඒ අතේ ඇගිලි ශර්ට් එකට උඩින් මගේ තනපුඩුවක් මිරිකලා ගනිද්දි මම ඒ අත කොනිති ගැහුවහම එයා ආපහු අනිත් තන පුඩුව මිරිකුවා.

“කේතුර්ගෙත් මෙව්වා මෙහෙම්මයි.එයා මට කිව්වා පස්සේ ඒවයේ කුක්කු දෙනවා කියලා.මට විතරයි ඒකත්.ඒත් මට ප්‍රශ්නේ ඔයා කේතුර්ද?නැ නැ ඒක වෙන්න අමාරුයි.මොකද මගේ කේතුර් කට වහන් ඉන්නෙ නැනේ.එයාගේ කට ශෝක් එකට වැඩ “

“නැ එයාගේ හොල්මන.”

“ආහ් මම දැන් හීනෙකද ඉන්නේ එතකොට?එහෙනම් මම ඔයාට රහසක් කියන්නද?”

මගේ මූන ගාවටම ලංවෙලා රහසක් කියන්නද කියලා ඇහුවහම මම කලේ හූමිටි තියපු එක විතරයි.

“කේතුර් මාව දාල යන්න යන්නේ.එයාට යන්න එපා කියන්න ඕනේ.එයා නැතුව මට බැනේ.මට එයාට යන්න දෙන්න බැ.ඒත් මට එයාව හැමතිස්සෙම බලාගන්න බැරි වෙයි.මං මගේ කේතුර්ව බය කලා අද.එයා බය වුනානේ.මාව දාල යන්න කිව්ව මම එයාට.ඒත් ඇයි මට හුස්ම ගන්න බැ වගේ දැනෙන්නේ…..මම..ආදරෙයි….කියන්න ඕනේ…එයාට….”

“අයියේ….”

මගේ පපුවට තියලා ඉකි ගහන ගමන් එයා කියද්දි මම එයාගේ පටට තට්ටුවක් දැම්මා.

“මාව දාල යන්න කියන්න එයාට.”

“බැනේ .”

“ඇයි ?බැරි?”

“මම නරකයි.එයා බයවෙනවා.එයා මට හොද වැඩි…”

“මෙහෙ එනවා අයියේ.තමුසෙට නම් වැඩියි හොදටම.”

ආයෙත් මගුල කියවනවා.මට ආපු මලටම එයාව මගේ ඇග උඩින් එහාට කරා වෙද්දි එයා පස්සට වුනහම මම සෝෆා එකෙන් නැගිටලා එයාත් ඇදගෙන ග්ලාස් වින්ඩෝ එකත් ඇරන් එලියට යද්දි එයා මගේ අතින් ඇද්දා.

“කොහෙද යන්නේ?”

“පියවි ලෝකෙට.”

“ඒ…”

එතනින් එහාට වචනයක් එයාට කියන නොදුන්න මම එයාවත් ඇදන් පූල් එකට පැන්න එයාවත් ඇදන් පැන්න මම පූල් එකේ අඩියෙදි ඇස් ඇරියා.කට කට ගාන සීතල වතුර.ඒත් එක්කම මම උඩට එද්දි අයියත් අනිත් අතට උඩට ආව වෙද්දි නැග්ගා එව්වයෙන් සැහෙන්න cold shower එකෙන් බැහැලා කියල මට ඒ මූනෙන් පෙනුනා.එයා ඇස් දෙකේ වතුර පිහිද්දි මම කොන්ඩෙත් අතින් පස්සට කරන ගොඩට ගියා වෙද්දි එයා මගේ නම කියන් පස්සෙන් ආවා.ඇතුලේ පුටුව උඩ තිබ්බ ටවල් එකක් අතට ගුලි කරගත්ත මම ආපහු හැරිලා ඒක අයියගේ මූනටම දමලා ගැහුවේ එයා ඒක අල්ලගනිද්දි.

“කේ…තුර්”

“කේතුර් කේතුර් හුත්තක් නෙමෙයි.මට කියලා මගුලක් අහගන්නේ නැතුව නාගෙන එනවා.මන් ගාවට එද්දි ඔය ගද එක්ක එන්න එපා.අම්මපල්ලා උස්සලා පොලේ ගහනවා අයියේ.දෙහි නැත්තන් ටොයිලට් වතුර එක්කට දත් බෙහෙත් හරි දාන් ඔය වෙරිමත මකන් එනවා.විකාර කියවන්නේ මගුල.”

මගේ ඇගේ තෙත බරියම් වෙලා තියෙද්දි මම ඇතුලට ආවේ අනිත් තුවාය තෙත ඇදුම් උඩ පටලගන්න ගමන්.ඇග පිහදන් ආපු මම ඇදුම් මාරු කරගත්තා.අයියගේ ඇදුම් බාතෲම් එකේ එලියෙන් තියලා එන්න ආපු මම අපේ ගෲප් චැට් එක බැලුවා.ඒ මගුල පැය විසි හතරම වැඩ.චිරායුව හැම තප්පරේකට සැරයක්ම මොනාහරි මගුලක් දාල නිසා ඒ මගුලට රින්ගන්න බැ ස්ටක් වෙනවා.චිරායුවලගේ තාත්තා හෙට ගෙදර එනවා කියලා ඌ වැලලෙන්න හදනවා.එකාගේ ශෝක විලාප අස්සේ මම ගෲප් චැට් එකෙන් අයින් වුනේ අයියා වොශ් දාන් ආව නිසා.මගේ ඇස් එයා එක්ක පැටලෙනකොට මම කෙලින් බැලුවත් එයා අහක බලාගත්තා.

මම එයා දිහාට බැල්මක් නොදී රයන් අයියා කලින් ගෙනාව කැම එක මේසේ උඩ දිග ඇරලා සෝෆා එකේ වාඩි වෙලා හිටියේ අයියා එනකන්.එන්නේ නැතුව ලතවෙනකොට මම හැරිලා එයා දිහා  බැලුවා.

“එන්නෙ නැද්ද කන්න.?”

“ඔයා කන්න.මට බඩගිනි නැ  කේතුර්…..නැ නැ මේ කනවා.”

මම අනපු බත් පිඩ අපාහු තියලා බත් එක අනිත් අතට වහද්දි එයා අඩියට දෙකට ඇවිත් මගේ ලගින් වාඩි වුනා.ඇයි හුත්හ කන්නේ නැ මෙතන.මට නගින නැගිල්ලට බඩගිනි වැඩිත් වෙලා.මම බත් එක අනලා කටක් එයා දිහාට දික්කරහම එයා බයවෙලා වගේ  මන් දිහා බලන් හිටියා.

“බවුන් වඩනවද?කන්න.”

එයා මගේ අත දිහා බලද්දි මම ඒ බත් කට එයාට කැව්වා.බත් එකෙන් බාගෙකට වඩා එයාට කවලා මාත් අන්තිම කටවල් ටික කැවා.බඩගින්නක් තිබ්බත් මට කන්න ලොකු පිරියක් තිබ්බෙ නැ.මම ඉදුල් අත මගැරලා හොද අතින් වතුර ඒක දීල බෙහෙත් දෙක එයාට දීල කාපුව අස් කරලා දැම්මා.අපි දෙන්නා අතර වචනයක් කතා වුනෙ නැ.මම මොකුත් ඇහුවේත් නැ .එයා මොකුත්ම කිව්වෙත් නැ.මම ලයිට් නිවලා ඇවිත් ඇදේ කෙලවරින් නිදාගත්තා වෙද්දි සෝෆා එකේ වාඩි වෙලා හිටපු එයා විනාඩි දහයකින් විතර ඇදට ආව මට දැනුනේ එයාගේ පැත්තෙන් ඇද බර වෙද්දි.

මුලු කාමරෙම තිබ්බේ නිහඩ බවේ ගිලිලා.ටේබල් ලයිට් එක ඇරුනහම කාමරේ කිසිම එලියක් නොවේද්දි ඇදට ඇවිල්ලත් පැයක් යනකන් වත් මට නින්දක් නොයෙනකොට මම හිටියේ මගේ ඉස්සරහින් තියෙන කබඩ් එක දිහා හැල හොල්මනක් වගේ බලාගෙන.අයියා දවල් එයාගේ තීරනේ කියනකොට මම අද දවසම හිතලා මගේ තීරනේ ඇරන් හිටියා.නින්දක් අහල නැතිකොට මම අනිත් පැත්ත හැරෙන්න හදද්දි මගේ ඉන ගාවින් ගිය අතක්  බඩ උඩින් ගිහින් මාව පස්සට ඇදලා තුරුලු කරගත්තා.විනාඩි ගානක් යනකන් වචනයක් කතා නොවෙද්දි එයා මාව එයාටම තුරුල් කරගත්තා.

“කේ..තුර්…ඔයා නිදිද?”

එයාගේ කටහඩ කැඩිලා ඇහෙනකොට මම හූමිටි තිබ්බා.

“හ්ම්ම්.”

“මට සමාවෙන්න.”

“මොනාටද?”

“හැමදේටම.අද වෙච්ච හැමදේටම.මම ඔයා බය කරාට.ඔයාට රිද්දුවට.කෝල් ආන්ස්වර් නොකලට.මට….මාව දාල යන්න එපා….”

එයා මගේ ශර්ට් එකෙන් තදට මිරිකගද්දි මම එයා දිහාට හැරිලා එයාව මගේ පපුවට තද කරගත්තා.එයා සමාව ඉල්ලුව හැමදේටම මට තරහ ගිහිලා තිබ්බේ.ඒත් මට වැඩියෙන්ම රිදුනේ එයා මාව මගරිනකොට.එයාගේ මානසිකත්වේ ගැන හිතලා මම හිත හදාගත්තාමාව මිරිකිලා යන්න බදන් හිදපු එයා එයාව දාල යන්න එපා කියල මගේ පපුවට මිමිනුවා.

“කවුද කිව්වේ යනවා කියලා?”

“සොරි.අද වෙච්ච හැමදේටම.”

“මයෝන්ගේ ප්‍රශ්නේ ගැනදි ගත්තොත් මම උනත් මම ආදරේ කරන කෙනා වෙනුවෙන් ඒ තරමට කලබලයි.මම බය වුනේ ඔයාට කරදර වෙන දෙයක් එතන වෙයි කියලා.ඒ ශික් එක විතරයි මට තිබ්බේ.එයාව අතාරින්න අයියේ.එයා පොඩි ලමයෙක්.”

“ම්ම්.එයාගෙන් ආයේ ප්‍රශ්නයක් වෙන්නෙ නැ.රයන් කිව්වා එයා මගේ ෆැමිලි එක බිස්නස් එක ගැන හැමදෙයක්ම  කිව්වා කියලා.”

“ම්ම්හ්.”

“මම මොකද කරන්නේ?ඔයා අකමැති නම් මම බිස්නස් වලින් අයින් වෙන්නම්.මාව දාල යන්න එපා.”

“කොහේ යන්නද?තමුසේ බදිනකන් මම බලන් ඉන්නේ අයියේ.මාව අපේ ලමයි 69 එක්ක අනාත කරලා පැනලා යන්න හිතන්නවත් එපා.මම 69 මලුවල එල්ලන් හරි තමුසේ හොයාගෙන එන එකත් එනවා.”

“කේ…තු..ර්”

මගේ ඇගට උඩින් මාව වැහෙන දවිදිහට හිටපු එයා මන් දිහා බලන් මගේ ඇස් දිහා බලන් කතාකරද්දි මම ඒ කම්මුලක් මගේ අතින් පිරිමැද්දා.එයගේ පපුව වෙනකන් ඇදන් ගිය අත මට දැනෙන එයාගේ ගැහෙන හදවත් උඩින් අත තිබ්බා.

“මම ආදරේ කලේ මේ ගැහෙන පපුවට.මගේ ආදරේ අකේන් ට මිසක් බිස්නස්මන් යුගාන්ට නෙමෙයි.ඔයාට වැක්කෙරෙන්න සල්ලි තිබ්බත් ඔයා සත පහක් නැතුව මගේ ගාව හිටියත් මම උබට ආදරෙයි අයියේ.මන් වෙනුවෙන් කැප කරපු දේවල් ඇති.ඔයාගේ බිස්නස් ඔයා කියනව වගේ ඔයාගේ අම්ම තාත්තගේ මහන්සිය.ඔයාව ඒව රකින්න ඕනේ.ඒ වෙනුවෙන් මට කරන්න පුලුවන් දෙයක් තියෙනවනම් මම කරන්නම්.මේ දේ විතරක් මතක තියාගන්න අයියේ. මේ කේතුර් ආදරේ වෙනුවෙන් ඕනෙම දෙයක් අතාරිනවා.කොටින්ම ඔයා වෙනුවෙන් මට මාවම අතා අරින්න වුනත්…”

“කේත්…”

“මම කියල ඉවර නැ.මම මාවම වුනත් අතාරිනවා.ඒ මොකද මම බය නැතුව කියනවා මාව මට හොයලා ගෙනත් දෙන කෙනෙක් ඉන්නවා.මන් මොන ලෝකෙක අතුරුදන් වුනත් ඔයා මාව හොයාගන්නවා කියලා මම දන්නවා.”

ඒ කලු ඇස් දිහාම බලන් කියපු මම මගේ අත අයින් කරලා ඉස්සිලා එයාගේ පපුව හාද්දක් තිබ්බා.

“මන් ආදරේයි අයියේ”

“ම්ම්”

“මටත් කියන්න.”

“ඔයා උත්තරේ හොදටම දන්නවා කේතුර්.”

“ම්ම්හ්?”

I can’t fall in love without you”

මම ආසම විදිහට එයා මට ආදරේ කියද්දි එයා මගේ පපුව උඩින් තිබ්බ සීශේල් එකට උඩින් තොල් තද කරලා මාව ඒ පපුවට තුරුලු කරගත්තා.

අල්ලගත්ත අත අන්තිම දුර වෙනකන් මන් අල්ලන් යනවා.ඒකයි මගේ තීරණේ.මොකද මම මේ ගැහෙන පපුවට මටත් වඩා ආදරේ කරන්න ඇරන්.

මතු සම්බන්දයි.

ආව ලමයි.එන්නේ නැ කියල හිතුනත් ඔයාල නිසා ආව.වෝට් කරන්න පුලුවන් කම තියන්නේ ඔයාල වෝට් නොකරන්නේ.කමෙන්ට් කරන් යන්න ලමයි.ඒක තමා ලියන්න තියෙන මෝටිවේශන් එක.

චැප්ටර් එක ගැන වචනයක් කියන් යන්න ලමයි.

මයෝන් ගම්ලත්.පොරොන්දුව (නසරාණිය සයිඩ් ස්ටෝරි)එකේ ගම්ලත් ඇමති මතකද?මේකෙ නම් ගමලත් මන්ත්‍රී.

චිරායුල නැතුව පාලුයිනේ.එයාල එක්කන් එමු ඊලග එකේ.

කේතුර් බිව්වහම අකේන් කොහොමද?අකේන් බිව්වහම කේතුර් කොහොමද?😅

ඊලග මෙහෙයුම අකේන්ට කුක්කු ඉල්ලා දීම.නොකිය අහිටියට මේ ලමයා දෙනකන්නේ බලන් ඉන්නේ.🤣

අපි ගියා ලමයි.

බායි බායි.

Tags: read novel À¶±À·ƑරÀ·À¶«À·’À¶ºà·|Nasaraniya 51, novel À¶±À·ƑරÀ·À¶«À·’À¶ºà·|Nasaraniya 51, read À¶±À·ƑරÀ·À¶«À·’À¶ºà·|Nasaraniya 51 online, À¶±À·ƑරÀ·À¶«À·’À¶ºà·|Nasaraniya 51 chapter, À¶±À·ƑරÀ·À¶«À·’À¶ºà·|Nasaraniya 51 high quality, À¶±À·ƑරÀ·À¶«À·’À¶ºà·|Nasaraniya 51 light novel, ,

Comment

Leave a Reply

Chapter 53